විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වීම සඳහා මෙන්ම හින්දු පූජකවරු නවග්‍රහ ශාන්තිය වැනි ශාන්ති කර්මවලට යොදා ගන්නා නිල් කටරොළු මල ඖෂධ කටයුතුවලට මෙන්ම ආහාර වර්ණ ගැන්වීමේදී යොදා ගන්නා ස්වභාවික වර්ණකාරකයක් ද වේ. සෙම් රෝග නිසැකයෙන්ම සුව කරන විශ්මිත ශාකයක් ලෙසට නිල්කටරොළු ප්‍රචලිතය. එමෙන්ම තරුණ බව රකින ඖෂධයක් ලෙසටත් ප්‍රසිද්ධත්වයට පත්ව ඇත. නිල් කටරොළු ශාකයේ මුල්,මල්,කොළ,පොතු,ඇට යන පංචාංගයම රෝග සඳහා යොදා ගනී. මෙම ශාකයේ පංචාංගයම තම්බා කසාය පානය කළොත් ශරීරයේ ඇති සෙම ඉවත් කිරීමට හැකිය. පර්යේෂණ වාර්තාවලට අනුව නිල්කටරොළු මානසික ආතතිය නැති කිරීමේ ගුණය ඇති ඖෂධයකි.
නිල් කටරොළුවල ගුණ
1.ශරීරයේ වේදනාව , ඉදිමුම , රුධිර ගැලීම් වැනි තත්ත්ව සුවකර ගත හැකි වීම.
2.ගලගණ්ඩ රෝගයට සුදු කටරොළු මල් කසාය දෛනිකව පානය කිරීම ගුණය.
3.ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම වඳ භාවය නැති කර ගත හැකි වීම.
4.ස්ත්‍රීන්ගේ ගර්භාෂ රෝගවලට ගුණදායක වේ.
5.ආර්තව වේදනාවලදී නිල් කටරොළු මල් කසාය පානය කර සුවය ලබාගත හැක.
6. පස සරු කරන ශාකයකි.
7.ආමාශගත තුවාල සුව කළ හැකිය.
8.රුධිරගත සීනි මට්ටම පාලනය කළ හැකි වීම.
9.පිළිකා සෛල වර්ධනය වැළැක්වීම.