ජීවිතේ බෙදාගත් අඩි හයේ
කාමරේ
බඩගින්න බෙදාගත් මැට්ට ළග
කැන්ටිමේ
ගෙවී ගිය සිව් වසර සබරෙ කදු
මායිමේ
ෆොටෝවල හොයනවා මතක
මාවත දිගේ...
වල් වැදී මැට්ට ළග පාළු ඇති
ගොම්මනේ
පහන් එළි නිවී ඇති හුණ්ඩුවේ
පන්සලේ
බලාගෙන මහපාර සීතලේ
කළුවරේ
රෝසි තනිවෙලා ඇති නිෂ්මියේ
කැන්ටිමේ...
හිරිකට්ට පවා ගල් ගැහුණු හඩ
අරගලේ
නවත්තන්න බැරි වුනා පඹහින්න
හංදියේ
තාම හිත ඇදෙනවා එදා මතකය
දිගේ
බැලුම්ගල බලන් ඇති දකිනතුරු
අරගලේ...
මතක පෙති විසිරිලා ගිය නමුත්
දස අතේ
මුළු හිතම පීරලා මතකමයි
හොයන්නේ
මුණ ගැහෙමු බිද දමා Online
බෝඩරේ
කලින් හවසක වගේ
මහගෙදර කැන්ටිමේ ...
(උපුටා ගැනීමකි)
No comments:
Post a Comment