ලෙන්දොර අසල හිරු විකසිත වෙලාවේ
සුන්දර වතින් පාසල වෙත ළගාවේ
අන්දර වැට අසල පොල් අතු රටාවේ
පින්බර ගුරුතුමා තවමත් හිනාවේ...
වටකර ළපටි පෙළ තුරු සෙවණැලි මැද්දේ
ලස්සන දෙබැම පොත් පිටු අතරෙහි පැද්දේ
පෑතිස් රජුන් අසරණ මුවෙකුට විද්දේ
ඇසුණා කිවි කතාවක රසබර සද්දේ...
වෙදැදුරුතුමකු විය නළලත උණ බලන
යළි ඔබ විනිසුරෙකි නඩු අවනඩු සොයන
සෝපාකට දොඩයි කරුණාබර නයන
හුණුකැටයද දනී ඔබ මහා ගුණ වරුණ...
නොමගට වැටෙන දරුවන් යළි හැදින දැන
මාවත කියා දී සුබගමනකට යන
ඔබ සතු නිසා රට ජාතිය හදන පින
අත්වෙයි අම නිවන නිදුකින් සිටිනු මැන...
No comments:
Post a Comment