තෙත්බිම්
තෙත්බිම් යනු, බාදිය මට්ටමේ සිට 6mට අඩු මුහුදු ප්‍රදේශය ද ඇතුළත්ව ගලා යන හෝ නිශ්චලව
පවතින්නා වූ මිරිදිය,කිවුල් දිය හෝ ලවණ දියෙන්
තාවකාලිකව හෝ ස්ථීරව යටවී ඇති ස්වභාවික හෝ කෘතිම වගුරුබිම්,විල්ලු,ජලාශ හෝ ජල මාර්ග,ඇල ඉඩම් සහ පිහිටි ඉඩම් වේ.
- රැම්සා සම්මුතිය -
තෙත්බිම් ජෛව විවිධත්වයෙන් අනූන
වූ පරිසර පද්ධතියකි. කෘෂිකාර්මික ධීවර හා නාවික කටයුතුවලට යොදා ගැනීමත් ජලපෝෂක
පද්ධති වීමත්,සමහර තෙත්බිම් ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමින්
යුක්ත වීමත්,භූ දර්ශනීයභාවයත්,පක්ෂි,උරග,ක්ෂීරපායි,මත්ස්‍ය, කෘමීන් වැනි කාණ්ඩවල විශාල සත්ව
විශේෂ පැවතෙමින් ඉහළ ජෛව විවිධත්වයෙන් යුක්ත වීමත් හා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ආවේණික
මෙන්ම ඒකදේශික සත්ව හා ශාක විශේෂ බහුලවීමත් හේතුකොටගෙන තෙත්බිම් පරිසර පද්ධති
සුවිශේෂී වැදගත්කමකින් යුක්ත වේ. ගෝලීය ආර්ථිකය තුළ වටිනා පරිසර පද්ධතියක් ලෙස
තෙත්බිම්වලින් සපයන සේවාවල වටිනාකම වර්ෂයකට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 47ක් වන බව
එක්සත් ජාතීන්ගේ වාර්තාවල සඳහන් වේ. 2018
වර්ෂයේ
රැම්සා සම්මුතිය විසින් ශ්‍රී ලංකාවේ අග නගරය වූ කොළඹ ලොව ප්‍රථම තෙත්බිම් නගරය
ලෙස නම් කර ඇත. පරිසරවේදීන්ට අනුව ලෝකයේ පවතින සියලුම පරිසර පද්ධතීන්
අතරින් වැඩිම ක්රියාකාරීත්වයක් දක්වන පරිසර පද්ධතිය වන්නේ තෙත්බිම් පරිසර
පද්ධතියයි. එමෙන්ම තෙත්බිමක් යනු ස්වභාවික පරිසරයේ ම ඇති කාර්යක්ෂම ජල පිරිපහදු ක්රමයකි.
ලංකාවේ තෙත්බිම් සංචාරක කුරුල්ලන්ගේ පාරාදීසයක් බඳුය.
තෙත්බිම් ආශ්රිත සේවාවන්
1.සීමිත සම්පතක් වන ජලය සුරක්ෂිතතාව
2.ජලය ගබඩා කර පිරිසිදු කිරීම.
3. ස්වභාවික දූෂක පෙරහනක් ලෙස ක්‍රියා කරමින් අපට සුරක්ෂිතව
ප්‍රයෝජනයට ගත හැකි මිරිදිය ජලය සපයා දීම.
4.ජලජ ජීවින්ගේ වර්ධනයට හා අපගේ ආහාර නිෂ්පාදනයට දායක වීම.
5.පරිසර සමතුලිතතාවය ආරක්ෂා කිරීම.
6.ගංවතුර පාලනය කිරීම. (තෙත්බිම් ජලය බොහෝ කාලයක් රඳවා තබා
වියළි කාලයේදී ක්‍රමයෙන් මුදාහරී.)
7.කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීමෙන් ගෝලීය උෂ්ණත්වය
ඉහළ යාම පාලනය කිරීම.
තෙත්බිම් ආශ්රිත ප්රතිලාභ
1.ජලය
සැපයීම හා ප්‍රවාහනය (ගෘහ කටයුතු සඳහා,වාරිමාර්ග කටයුතු
සඳහා)
උදා: ලබුගම,කලටුවාව,මින්නේරිය වැව
2.කෘෂිකාර්මික නිෂ්පාදන (සහල් )
3.ආයුර්වේද බෙහෙත් ලබා ගැනීම.
උදා: ලුනුවරණ ආයුර්වේද ඔසුව
4.අත් නිපැයුම් සහ පැදුරු ආදියට අමුද්‍රව්‍ය සැපයීම.
උදා: කදුරු,පන්කොළ
5.ජලවිදුලිය නිපදවීම.
උදා: වික්ටෝරියා,රන්දෙණිගල,රන්ටැඹේ
6.මත්ස්‍ය නිෂ්පාදනය
7.ආගමික කටයුතු සඳහා මල් විශේෂ ලබා ගැනීම.
උදා: ඕලු,නෙලුම්,මානෙල්
8.සංචාරක ව්‍යාපාරයට යොදා ගැනීම.
උදා: බුන්දල තෙත්බිම
9.මාලු විශේෂ සහ ශාක ආදිය යොදා කරන විසිතුරු භාණ්ඩ සහ
ආභරණ නිෂ්පාදන කිරීම.
උදා: සිප්පි මාල,බෙල්ලන් ආශ්රිත භාණ්ඩ
No comments:
Post a Comment