කඩොලාන යනු, බීජ දරන අතිශය විශේෂණය වූ පඳුරු වල සිට උස් ගස් දක්වා ප්‍රමාණයෙන් වෙනස් වන ශාක වේ. මේවා සාමාන්‍යයෙන් ආවරණය සහිත මුහුදු තීරයේ මෝය සහ කලපු ආශ්‍රිතව දක්නට ලැබේ. කඩොලාන සෞම්‍ය කලාපීය රටවල අන්තර් උදම් කලාපය තුළ දක්නට ලැබෙන විශේෂිත ශාක ප්‍රජාවකි. පුළුල්ව ව්‍යාප්තව ඇත්තේ ඝර්ම කලාපීය රටවල මුහුදු ප්‍රදේශවල,කලපු සහ බෝක්කු ආශ්‍රිතවය. ශ්‍රී ලංකාවේ මුළු කඩොලාන ප්‍රමාණය හෙක්ටයාර් 12500ක් පමණ වේ. ලොව පුරා ඇති සත්‍ය කඩොලාන විශේෂයන් 54න් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන්නේ කඩොලාන විශේෂයෙන් 26ක් පමණි. ඒවා සත්‍ය කඩොලාන 14ක් සහ ආශ්‍රිත කඩොලාන 12ක් වශයෙන් හඳුනාගෙන තිබේ.
කඩොලාන ආශ්‍රිත ප්‍රතිලාභ
1. බොහෝ මසුන්,ඉස්සන්, කකුළුවන් වැනි සත්ත්ව විශේෂවල ලාබාල අවධි ගත කරන ස්ථාන මෙන්ම අභිජනන ස්ථානයක් වීම.
2. ධීවර කර්මාන්තය සඳහා මසුන් බහුල ස්ථානයක් වීම හා මත්ස්‍ය උගුල් ලබා ගත හැකි ස්ථානයක් වීම.
3. මාලු දැල් සඳහා සායම් ද ඔරු සඳහා දැව ද මෙම පරිසරයෙන් ලබා ගත හැක.
4. කඩොලාන ශාක ඉන්ධන, දැව පොහොර හා ඖෂධ ලෙස ද යොදා ගත හැක.
5. පරිභෝජනය සඳහා කැරන් කොකු ද පැදුරු හා කූඩා විවීමට පන් වර්ග ද සපයා ගත හැකි වීම.
කඩොලාන ආශ්‍රිත සේවාවන්
1. කඩොලාන ශාක මඟින් පත්‍ර හා අනෙකුත් ශාක කොටස් ලෙස කාබනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පරිසරයට එකතු කිරීම.
2. මෙම පරිසර පද්ධතිය මගින් ජීවීන් විශාල සංඛ්‍යාවකට ආහාර සැපයීම.
3. වෙරළාසන්න ප්‍රදේශවලින් මුහුදට එකතු වන දූෂිත ජලය රඳවා තබා ගනිමින් ඒවායේ විෂ බව පහත හෙළීම මගින් පරිසර දූෂණය අවම කිරීමට දායක වීම.
4. මෝය හා ඉවුරු ඛාදනය වැළැක්වීම.
5. ශාක හා සත්ත්ව විවිධත්වය හේතුවෙන් ජීව විද්‍යාව හදාරන්නන්ට කඩොලාන පරිසරය එළිමහන් විද්‍යාගාරයක් වීම.
6. ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට හා ජාන සම්පත ආරක්ෂා කිරීමට මෙන්ම පාරිසරික සංචරණය හා පක්ෂීන් නිරීක්ෂණය කළ හැකි ස්ථානයක් ලෙස දායකත්වයක් සැපයීම.
No comments:
Post a Comment