මුනිදු දහමේ සෙත බෙදාදෙන
දයාබර ගුරු මව්පියෝ
පුදනු බැතිනි දෙඅත් එක්කොට
ඔබයි බෝසත් නෑසියෝ
කාසි පොදියට හිවල් දැනුමට
වඩා මෙහෙයක් ඉටුකළෝ
දැයේ දරුවන් සුමග යනු දැක
තුටින් කදුළක් වැගිරුවෝ
වැටුප් යදිමින් නගන මැසිවිලි
ඔබ මුවින් නැත පිටවුනේ
නිරාමිස වූ ඔබේ යහගුණ
නිසයි අප සිත් සැනසුනේ
අපට යහමඟ කියාදෙන ඔබ
සසර පාරමිදම් පුරා
දිගාසිරි ලැබ සසර කෙළවර
සුව සදනු මැන ලොව්තුරා
No comments:
Post a Comment