පින්බිමක වත සොයා...

පොල්ගහවෙල මහමෙව්නා අසපුව 
                      

                                       
                                        


මා නෙත් වශීකෘත කිරීමට තරම් සමත් වු පොල්ගහවෙල වඩුවාවේ පිහිටි මහමෙව්නාව භාවනා  අසපු සියල්ල අතරින් ආරම්භක භාවනා මධ්‍යස්ථානය සේම, මූලස්ථානය ලෙසට ද ක්‍රියාත්මක වේ.පොල්ගහවෙල සුන්දර කුඩා කදු ගැටයක් ආශ්‍රිතව පිහිටා තිබෙන මෙම භාවනා අසපුව දුටුවන් සිත් දහම් පිපාසාවෙන් පරිපූර්ණ කිරීමට සමත්ය මෙම මහමෙව්නාව පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 1999 අගෝස්තු මස 14 වෙනි දින  ආරම්භ කර ඇත. මහමෙව්නාවේ,
1. විරාජමානව වැඩ සිටින සිරි ගෞතම දම්සක් මහා සෑයත්

    2.සිරි ගෞතම බෝධි මණ්ඩපය

    3. සිරි ගෞතම රාජ මාළිගාව

                                         නිර්මාණය කර ඇත. මහමෙව්නා පුණ්‍ය භූමිය වහන්සේලා එකසිය පනස් නමකට පමණ සුවසේ වැඩ සිටිය හැකි කුටි පහසුකම් ද අනෙකුත් විහාරාංගයන්ගෙන් ද සමන්විත පුණ්‍ය භූමියකි. එම කුටි පිහිටා ඇත්තේ නිහඬ නිස්කලංක වනගත පරිසරයක් තුළ ය. පසුගිය දශක එකහමාරක පමණ කාලය තුළ බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය ලෝ පුරා පැතිරවීම පිණිස කටයුතු කළ ආයතන අතර මෙම මහමෙව්නාවට ප්‍රධාන තැනක් හිමි වේ. 

                                     

                                       

                             

                                     

                                   

 

No comments:

Post a Comment

ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග  කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ  ෆොටෝවල හොයනවා මතක  මාවත දිගේ... වල් වැදී ...

නෙත් පැහැරන්නෝ...