අන්නාසි ගැට රස බවක්
දැනුණානේ මට අම්මේ
දරාගන්න බැරි කදුලක්
ඉනුවානේ හිත අස්සේ
අනිනකොට කතුරක් පිම්මේ
ඒක මට ගොඩක් රිදුනා අම්මේ....
නොදැනුවත්කමට අම්මේ
නුඹේ කුස සැරසුවේ මං
අහන්නට පිනක් නෑනේ
නැළවිලි ගී ඔබෙන් අම්මේ
මුලාවත් රැවටුමත් අභියස
පරාදයි හැමදේම අම්මේ....
එපා සුසුමන් මාව මැරුවට
කිසිම දවසක ඔබෙන් අම්මේ
හිතුවෙ නෑ මං හීනෙකින්වත්
මෙහෙම වෙයි කියලා...
යන්න එපා ආයෙමත් දවසක
දැන දැනම කෙනෙකුගේ මසට....
පුතු පැටියෙක් ඉන්නා බව දැනුනාම
පිච්චුනාද ඔය හදවත අම්මේ
ඉතිං යන්නට කලියෙන්ම
අහන්නම් එක දෙයක් අම්මේ
ආදරෙන් කෙනෙක් දවසක අත ගත්තාම
ඉඩ දෙනව ද පුරවන්නට ඔය කුසම....???
No comments:
Post a Comment