ධාතුසේන රජු නිර්මාණය කළ කඩවර දෙවි රකින කලා වැව
අනුරාධපුර යුගයෙහි ක්‍රිස්තු වර්ෂ 5 වන ශත වර්ෂයේ ධාතුසේන රජු කල ඉදි වූ විශිෂ්ට වාරි කර්මාන්තයක් වන කලා වැව කැකිරාව ආසන්නයේ පිහිටා තිබේ. එය අක්කර 6380ක භූමි ප්‍රදේශයක් යට වන පරිදි නිර්මාණය කර තිබෙන අතර එහි වැව් බැම්මේ දිග සැතපුම් 3 3/4ක් වන අතර එමගින් අස්වැද්දිය හැකි මුළු භූමි ප්‍රමාණය අක්කර 7000කි. කලාවැව ප්‍රධාන වශයෙන් කලාඔයෙන් පෝෂණය වේ. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවස පමණ වන විට අනුරාධපුර නගරයේ ජනගහනය වැඩිවීමත් සමග එම වැඩි වූ ජනගහනයට අවශ්‍ය ජල අවශ්‍යතාව සැපිරීම උදෙසා දේවානම්පියතිස්ස රජු අනුරාධපුර නගර ආසන්නයේ ඉදිකර තිබුණු තිසාවැව විශාල කිරීමෙන් පමණක් සෑහීමකට පත් නොවී කලා වැවේ සිට තිසා වැවට ජලය ගෙන යාම සඳහා සැතපුම් 54 ක දිගින් යුක්ත වූ ජය ගග හෙවත් යෝධ ඇළ නිර්මාණය කරන ලදී. ජය ගඟ මඟින් ජලය සැපයීම සිදු වුයේ තිසා බවට පමණක් නොවන අතර කලාවත් තිසා වැවත් අතර පැවති සියලුම ජල මාර්ග ජලයෙන් පෝෂණය කරන ලදී. එනම්, වර්ග සැතපුම් 180 ක භූමි ප්‍රදේශයකට එමගින් ජලය සපයන ලදි. එහෙයින් කලා වැව පුළුල් ප්‍රදේශයක් සංවර්ධනය කිරීමට සමත් වූ විශිෂ්ට වාරි කර්මාන්තයක් බව පැහැදිලිය. ධාතුසේන රජු කර නිර්මාණය කර ඇති අවුකන විහාරය ද කලා වැව ආසන්නයේ පිහිටා තිබේ.
අනුරාධපුර යුගයේ අගභාගයේ දී දෙවන මහින්ද රජු විසින් කලා වැවේ වැව් බැම්ම ශක්තිමත් කර බැන්ද වූ බව චූලවංශයේ සඳහන් වේ. එමෙන්ම පොළොන්නරු යුගයේ පළවෙනි පරාක්‍රමබාහු රජ කල කලා වැව ප්‍රතිසංස්කරණය කළ බව චූලවංශයේ සඳහන් වේ. එමෙන්ම බ්‍රිතාන්‍ය පාලන සමයේදී වෙස් රිජ්වේ ආණ්ඩුකාරවරයා යටතේ කලා වැව ප්‍රතිසංස්කරණය කරනු ලැබූ බව සඳහන් වේ. ඒ අනුව දුරාතීතයේ සිට වර්තමානය දක්වා කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය ආදියේ දී මෙන්ම ජනතාවගේ විවිධ ජල අවශ්‍යතාවන් සපුරමින් ක්‍රියා කළ විශිෂ්ට වාරි කර්මාන්තයක් වශයෙන් කලාවැව සැළකීම සාධාරණය.
No comments:
Post a Comment