මිදොරියේ විවර වූ දොරගුළු
තුළින් සුළඟක් ලෙසට සපැමිණි
ඇතුළු හද ගැබ අඳුරු අහුමුළු
එළිය කළ මිණි පහන ඔබමය
කබුකි බැලුමට ඔබත් සමගින්
නික්ම ගිය සැන්දෑව මතකද
ප්‍රිය සබඳ ඒ නවමු ගමනක
ඇරඹුමක් යැයි ඔබත් හිතුවද
යකුදා සං ඕකතා සං
කෙසේනම් පුරවම්ද ඔබෙ තැන
සුපුන් සඳකින් ලැබෙන රශ්මිය
හැකිවේද තරුවකින් ලැබුමට
හමුවුණොත් වෙන්වෙන්න වෙනවද
ආදරෙන් උපදින්නේ දුකමද
ජපන්-ලංකා පෙමක් අකැපද
ආයෙමත් මෙහි එන්නේ කවදද?
No comments:
Post a Comment