නොදැන කන කෙහෙල්මුව - දැනන් කමු ගුණ




1.පීකදුවල මෙන් 10 ගුණයක සහ නිවිතිවල මෙන් 20 ගුණයක යකඩ අඩංගු වේ. 

2.ලොව වැඩියෙන්ම තඹ අන්තර්ගත ආහාරයයි.

 3.තරබාරුව සහ දියවැඩියාව පාලනයට සුවිශේෂී ආහාරයකි. 

4.අකලට වියපත් වීම, පිළිකා ස්නායු රෝග සහ      හදවත් රෝග වැනි ගැටලු රැසකට පිළියමක් ලෙස භාවිතා කළ හැකි ආහාරයකි. 

5.ඔපස් රුධිර වහනය අඩු කරයි. 

6.කිරිදෙන මව්වරුන්ට ඉතාමත් හොඳ ගුණදායක  ආහාරයකි. 

7.මානසික අවපීඩනය අඩුකර හොඳ මානසික         මට්ටමක් ඇති කරයි.

ඔයත් එහෙමද???

 


     මිනිස්සු හැමෝම එක වගේ කාරුණික අවංක අය නෙමේ.ඒ වුනාට අපි හැමෝටම හැකියාවක් තියෙනවා ඒ ලස්සන ගතිගුණ අපිටත් පුරුදු පුහුණු කරගන්න.පාරේ යන ගිලන් රථයක සද්දේ අපිට ඇහෙනවනම් අපි දන්නවා ඒ අමාරු ලෙඩෙක් අරන් යන්නේ කියලා.අනේ ඒ වෙලාවට අපිට පුලුවන්නම් ඒ ලෙඩාට මුකුත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න ඒක කොච්චර ලොකු දෙයක්ද.ප්‍රාර්ථනා කීයක්නම් ඒ රෝගියාට ආශිර්වාදයක් වේවිද? මමනම් එහෙම කරනවා.මොහොතක් හිතලා බලන්නකො ඔයත් එහෙමද කියලා??? එහෙම නැත්නම් අපි එහෙම වෙමු.

මතුබුදුවෙන සත්පත්තිනි අම්මා ...


 අටුකොටු පුරවා 

රට සරු කරන්න

ඔබෙ පින දෙනු මැන 

බුදු වෙන අම්මේ...


ගිරා අම්මා මගේ...


නොවේ වෙනසක් සෙනෙහසේ

ඇයයි අම්මා ජීවිතේ...

පියාඹා යන හිතුමතේ

ගිරා අම්මා මගේ..

තුන්දෙනයි ඒ දම්වැලේ

වාගේ හිමිහිට සීරුවේ...


බලා ඉන්නේ හැමවෙලේ

නැතුව අම්මා කූඩුවේ... 

සිටිය නොහැකිය පාඩුවේ

අපියි පණ ටික අම්මාගේ...

කියා කියමින් දිවයතේ

කෑම අරගෙන යළි එතේ...


ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග  කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ  ෆොටෝවල හොයනවා මතක  මාවත දිගේ... වල් වැදී ...

නෙත් පැහැරන්නෝ...