ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ

කාමරේ

බඩගින්න බෙදාගත් මැට්ට ළග 

කැන්ටිමේ

ගෙවී ගිය සිව් වසර සබරෙ කදු

මායිමේ 

ෆොටෝවල හොයනවා මතක 

මාවත දිගේ...

වල් වැදී මැට්ට ළග පාළු ඇති 

ගොම්මනේ

පහන් එළි නිවී ඇති හුණ්ඩුවේ

පන්සලේ

බලාගෙන මහපාර සීතලේ 

කළුවරේ

රෝසි තනිවෙලා ඇති නිෂ්මියේ

කැන්ටිමේ...

හිරිකට්ට පවා ගල් ගැහුණු හඩ

අරගලේ

නවත්තන්න බැරි වුනා පඹහින්න 

හංදියේ

තාම හිත ඇදෙනවා එදා මතකය

දිගේ

බැලුම්ගල බලන් ඇති දකිනතුරු

අරගලේ...

මතක පෙති විසිරිලා ගිය නමුත් 

දස අතේ

මුළු හිතම පීරලා මතකමයි

හොයන්නේ

මුණ ගැහෙමු බිද දමා Online 

බෝඩරේ

කලින් හවසක වගේ 

මහගෙදර කැන්ටිමේ ...

                     (උපුටා ගැනීමකි)
























නොදැන බොන කැද - දැනන් බොමුද ගුණ

මුකුනුවැන්න - කෙස්, ඇස් සහ සමට හිතකරයි.



හාතාවාරිය - ශරීරය පෝෂණය කරයි.



වැල්පෙනෙල - ධාතු පෝෂකයි.



ගොනිකා -අස්ථි,සන්ධිවලට හොඳයි.


කරල්සැබෝ - අර්ශස් සුවකරයි.



හීං උදුපියළිය - උදරාබාධවලට හිතයි.



කරපිංචා - අක්මාවට හිතයි.



යකිනාරං - මේදය අඩු කරයි.



එළබටු - සෙම අඩු කරයි.



ඉරමුසු - ශරීරය සිසිල් කරයි.



කුප්පමේනියා - ශ්වසන රෝග සදහා.



ගොටුකොළ - බුද්ධි වර්ධකයි.



පොල්පලා - ලේ,මුතා පිරිසිදු කරයි.



බටකිරිල්ල - පණුරෝග නසයි.



පිටවක්කා - අක්මාවට හිතයි.



දිවුල් කොළ - විෂ නසයි.





අරුමැති ගුණැති නිල්කටරොළු...





                  විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වීම සඳහා මෙන්ම හින්දු පූජකවරු නවග්‍රහ ශාන්තිය වැනි ශාන්ති කර්මවලට යොදා ගන්නා නිල් කටරොළු මල ඖෂධ කටයුතුවලට මෙන්ම ආහාර වර්ණ ගැන්වීමේදී යොදා ගන්නා ස්වභාවික වර්ණකාරකයක් ද වේ. සෙම් රෝග නිසැකයෙන්ම සුව කරන විශ්මිත ශාකයක් ලෙසට නිල්කටරොළු  ප්‍රචලිතය. එමෙන්ම තරුණ බව රකින ඖෂධයක් ලෙසටත් ප්‍රසිද්ධත්වයට පත්ව ඇත. නිල් කටරොළු ශාකයේ මුල්,මල්,කොළ,පොතු,ඇට යන පංචාංගයම රෝග සඳහා යොදා ගනී. මෙම ශාකයේ පංචාංගයම තම්බා කසාය පානය කළොත් ශරීරයේ ඇති සෙම ඉවත් කිරීමට හැකිය. පර්යේෂණ වාර්තාවලට අනුව නිල්කටරොළු  මානසික ආතතිය නැති කිරීමේ ගුණය ඇති ඖෂධයකි. 

නිල් කටරොළුවල ගුණ

1.ශරීරයේ වේදනාව , ඉදිමුම , රුධිර ගැලීම් වැනි තත්ත්ව සුවකර ගත හැකි වීම.

2.ගලගණ්ඩ රෝගයට සුදු කටරොළු මල් කසාය දෛනිකව පානය කිරීම ගුණය.

3.ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම වඳ භාවය නැති කර ගත හැකි වීම.

4.ස්ත්‍රීන්ගේ ගර්භාෂ රෝගවලට ගුණදායක වේ.

5.ආර්තව වේදනාවලදී නිල් කටරොළු මල් කසාය පානය කර සුවය ලබාගත හැක.

6. පස සරු කරන ශාකයකි.

7.ආමාශගත තුවාල සුව කළ හැකිය.

8.රුධිරගත සීනි මට්ටම පාලනය කළ හැකි වීම.

9.පිළිකා සෛල වර්ධනය වැළැක්වීම.



හැම හමුවීමක්ම සංසාරගත ප්‍රාර්ථනාවක්...


 අයිතිය මුල් අයිතිකරුට...

නොදැන කන කෙහෙල්මුව - දැනන් කමු ගුණ




1.පීකදුවල මෙන් 10 ගුණයක සහ නිවිතිවල මෙන් 20 ගුණයක යකඩ අඩංගු වේ. 

2.ලොව වැඩියෙන්ම තඹ අන්තර්ගත ආහාරයයි.

 3.තරබාරුව සහ දියවැඩියාව පාලනයට සුවිශේෂී ආහාරයකි. 

4.අකලට වියපත් වීම, පිළිකා ස්නායු රෝග සහ      හදවත් රෝග වැනි ගැටලු රැසකට පිළියමක් ලෙස භාවිතා කළ හැකි ආහාරයකි. 

5.ඔපස් රුධිර වහනය අඩු කරයි. 

6.කිරිදෙන මව්වරුන්ට ඉතාමත් හොඳ ගුණදායක  ආහාරයකි. 

7.මානසික අවපීඩනය අඩුකර හොඳ මානසික         මට්ටමක් ඇති කරයි.

ඔයත් එහෙමද???

 


     මිනිස්සු හැමෝම එක වගේ කාරුණික අවංක අය නෙමේ.ඒ වුනාට අපි හැමෝටම හැකියාවක් තියෙනවා ඒ ලස්සන ගතිගුණ අපිටත් පුරුදු පුහුණු කරගන්න.පාරේ යන ගිලන් රථයක සද්දේ අපිට ඇහෙනවනම් අපි දන්නවා ඒ අමාරු ලෙඩෙක් අරන් යන්නේ කියලා.අනේ ඒ වෙලාවට අපිට පුලුවන්නම් ඒ ලෙඩාට මුකුත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න ඒක කොච්චර ලොකු දෙයක්ද.ප්‍රාර්ථනා කීයක්නම් ඒ රෝගියාට ආශිර්වාදයක් වේවිද? මමනම් එහෙම කරනවා.මොහොතක් හිතලා බලන්නකො ඔයත් එහෙමද කියලා??? එහෙම නැත්නම් අපි එහෙම වෙමු.

මතුබුදුවෙන සත්පත්තිනි අම්මා ...


 අටුකොටු පුරවා 

රට සරු කරන්න

ඔබෙ පින දෙනු මැන 

බුදු වෙන අම්මේ...


ගිරා අම්මා මගේ...


නොවේ වෙනසක් සෙනෙහසේ

ඇයයි අම්මා ජීවිතේ...

පියාඹා යන හිතුමතේ

ගිරා අම්මා මගේ..

තුන්දෙනයි ඒ දම්වැලේ

වාගේ හිමිහිට සීරුවේ...


බලා ඉන්නේ හැමවෙලේ

නැතුව අම්මා කූඩුවේ... 

සිටිය නොහැකිය පාඩුවේ

අපියි පණ ටික අම්මාගේ...

කියා කියමින් දිවයතේ

කෑම අරගෙන යළි එතේ...


ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග  කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ  ෆොටෝවල හොයනවා මතක  මාවත දිගේ... වල් වැදී ...

නෙත් පැහැරන්නෝ...