විවිධ ක්ෂේත්‍ර සඳහා GISවල
වැදගත්කම
GIS පද්ධතියෙහි ඇති වැදගත්කම
හේතුවෙන්ම වර්තමානයේදී භූගෝලීය තොරතුරු පද්ධති භාවිතය සෑම අංශයක් තුළම පාහේ
හඳුනාගත හැකිය.
පුළුල්
වශයෙන් සැළකීමේදී ව්‍යාපාරික, අධ්‍යාපනික හා පාරිසරික කටයුතු මෙන්ම කළමනාකරණය,වනජීවී අධ්‍යනයන් වැනි අංශයන්හි භාවිතයට ගනු ලැබේ. එක්
එක් අංශයන් සඳහා GIS ඇති
වැදගත්කම පහත තොරතුරු ඇසුරින් පැහැදිලි වේ.
ව්‍යාපාරික ක්ෂේත්‍රය
1.යෝග්‍යතම පිහිටීම හඳුනාගැනීම.
(ගබඩා සහ වෙළඳසැල් සඳහා)
2.කෙටිම මාර්ග ජාල විශ්ලේෂණය (Pizza වැනි ආහාර ඉතා කෙටි කාලයකින් පාරිභෝගිකයා වෙත සැපයීම සඳහා)
3.ව්‍යාපාරික ක්ෂේත්‍රය පිළිබඳ අධ්‍යයනය
4.දේපල අලෙවිකරුවන්ට ඉතා ඉක්මනින් ප්‍රදේශයේ පිහිටීම,මාධ්‍ය ජාලය,යටිතල පහසුකම්,ඉඩම්වල සීමාවන්,සීමාව ඒවාට
අදාළ ලියකියවිලි
ඉදිරිපත් කිරීමට හැකියාව ලැබීම විශේෂ වැදගත්කමකි.
පහසුකම් කළමනාකරණය
1.භූගත
නළ මාර්ග හා රැහැන් පිහිටීම පිළිබඳව අධ්‍යයනය
2.විදුලි රැහැන් පද්ධති ධාරිතා සංතුලනය
3.මාර්ග ජාල විශ්ලේෂණ හා ප්‍රවාහනය පිළිබඳ අධ්‍යයනය
4.සන්නිවේදන පහසුකම් පිළිබඳ අධ්‍යයනය
5.කාර්යක්ෂම සේවා ජාල ස්ථාන පිළිබඳ අධ්‍යයනය
නාගරික අධ්‍යයන
1.නාගරික ව්‍යාප්ති
රටා අධ්‍යයනය
2.නාගරික සේවා පහසුකම් කළමනාකරණය (ජලය,විදුලිය,වීදි ලාම්පු,වරිපණම් බදු එකතු කිරීම ආදී සේවාවල මායිම්
පැහැදිලිව දැක්වීම.
3.නාගරික ඉඩම් මායිම් කළමනාකරණය
4.නාගරික කලාපකරණය පිළිබඳව අධ්‍යයනය (නාගරික හා ගැමිරික කලාප මායිම් හදුනා ගැනීම.)
5.නාගරික කසළ කළමනාකරණය
6.හරිත නගර සැළසුම්කරණය
7.නාගරික තදබදය ආදී කටයුතු අධ්‍යයනය
8.භූගත ජල නළ මාර්ග,රැහැන්
පිහිටීම,ජලනළ ව්‍යාප්තිය
හා නඩත්තුව සඳහා භාවිතා කිරීම.
9.සන්නිවේදන පහසුකම් සදහා අධ්‍යයනය
10.නාගරික අපරාධ අනතුරු බහුලව සිදුවන කලාප,මුඩුක්කු,පැල්පත් ව්‍යාප්තිය ආදිය කළමනාකරණය
වනජීවී
කළමනාකරණය
1.අලි ගමන් මාර්ග හා වාසස්ථාන අධ්‍යයනය
2.වන සත්ව වාසස්ථාන,බෝග වගා සහ
සංරක්ෂණ අධ්‍යයනය
3.ශාක සහ සත්ත්ව ගහණ ව්‍යාප්තිය අධ්‍යයනය
ස්වාභාවික
සම්පත් කළමණාකරණය
1.වනාන්තර කළමනාකරණය
2.වනජීවී වාසස්ථාන,සංක්‍රමණ
රටා අධ්‍යයනය
3.වන හා සොබාදහම සංරක්ෂණ පිළිබඳ අධ්‍යයනය
4.භූගත ජල ආකෘතිකරණය හා කළමනාකරණය( ජලයේ ගුණාත්මකභාවය පරීක්ෂාව විශේෂයෙන්ම භූගත ජලයේ ලවණතාවය පරීක්ෂා කර බලා පානීය ජලය
පිළිබඳව නිර්දේශ ලබා දීම.)
5.පාරිසරික බලපෑම් පිළිබඳ ඇගයුම
6.ජල පෝෂක ප්‍රදේශ කළමණාකරණය
7.ජල තත්ත්ව කළමනාකරණය
8.වායු දූෂණ අධ්‍යයනය
9.ජෛව විවිධත්ව කළමනාකරණය
10.වෙරළ හා සාගර සම්පත් කළමනාකරණය
පාරිසරික
අධ්‍යයන
1.වායු දුෂණය හා ජල දූෂණය අධ්‍යයනය
2.වෘක්ෂලතා ආවරණය හා එහි වෙනස්කම් අධ්‍යයනය
3.ජලධර කලාප සංරක්ෂණය
4.පාංශු ඛාදනය හා පාංශු ඛාදන ප්‍රවණතා අධ්‍යයනය
5.කාන්තාරීකරණය හා එහි කේන්ද්‍රිය හැසිරීම.
6.නායයාම් හා පාරිසරික උපද්‍රව අධ්‍යයනය (ගංවතුර)
7.වායු තත්ත්ව අධීක්ෂණය (හරිතාගාර වායු විමෝචනයේ ව්‍යාප්ති රටාව)
8.වනාන්තර මායිම් අභිබවා ගොස් මානව කටයුතු සිදුවන විට ඒවා නිරාකරණය සඳහා වර්තමානයේ සාර්ථකව මෙම සිතියම් ක්‍රමය යොදා
ගනී.
9.වඳ වී යන ශාක හා සත්ව ප්‍රජාව අධ්‍යයනය (අපේ රටේ යෝධ නිදිකුම්බා වැනි ආක්‍රමණික ශාකවල
ව්‍යාප්තිය අධ්‍යයනය හා පාලනය
සෞඛ්‍ය
ක්ෂේත්‍රය
1.රෝග
(මැලේරියාව වැනි) විභව කලාප
අධ්‍යනය.
2.වෛද්‍ය සේවා ව්‍යාපෘති අධ්‍යයන ( වෛද්‍ය සායන,රෝග පාලනයට පියවර ගැනීම ආදී
කටයුතු පුළුල් කිරීමට, බෝ නොවන රෝගවල ව්‍යාප්තිය,වකුගඩු රෝගීන් පිළිබඳ අධ්‍යනය.)
3.රෝග වාර්තාකරණ සිතියම්කරණය
4.ඔසු ශාක ව්‍යාප්තිය සහ සංරක්ෂණය.
5.වෛරස් රෝග විසරණය හා හැසිරීම පිළිබඳ අධ්‍යයනය
(උපුටාගත් කරුණු සහිතයි)