මගේ රට අද අනතුරක ඇත්තේ...

 
ශ්‍රී මහා බෝ සමිදුනේ 
සැමට පෙම්කල ජේසුනේ
 අල්කුරාණේ මැවුව දෙව්බඹුනේ 
රුහුණු මහා කඳසුරිඳුනේ 
නුවණ ඇති ගණ දෙවිඳුනේ 
මගේ රට අද අනතුරක ඇත්තේ...

 සමගියෙන් අපි සැවොම ඉඳලා එකා මෙන් ඉඳලා මහාව්‍යසන පැරදුවා අපි අතීතයේ ඉඳලා 
මිනිසුනේ අපි හැම පරිස්සම් වෙමු දැන් 
ජාති ආලේ හිත්පුරා රන්දා 
අත් මුදුන් දී වදිමු ශ්‍රී ලංකා...

 පැන් පිරිත් ලෙසින් දහඩියෙන් හැමුවේ 
සැබෑ ලංකාවේ අපේ සුවඳයි
  ලේ කඳුළු මතින් යළිත් සිටගත්තේ  
අපේ මානව වංශයේ සවියයි..  

පද රචනය - සජිත් චතුරංග





 

No comments:

Post a Comment

ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග  කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ  ෆොටෝවල හොයනවා මතක  මාවත දිගේ... වල් වැදී ...

නෙත් පැහැරන්නෝ...