ඔබ දන්නවාද? සත්ව ආහාර කිසිවක් නොගන්නා අයට සැලකිය යුතු විටමින් B 12 ප්‍රමාණයක් හීල් බත් ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැබේ. හීල් බත් එහි ඇති ගුණ පිළිබඳව අපේ සිංහලයා සතුව තිබූ දැනුම මේ වන විටත් නැති වෙමින් පවතී. වර්තමානයේ සිටින දරුවන් හීල්බත් යනු මොනවාදැයි නොදන්නා තත්ත්වයට පත්වී සිටීම අතිශයින්ම කණගාටුවට කරුණකි. හීල්බත් යනු, පෙර දින රෑට උයාගන්නා බතේ ඉතිරිවන කොටස එනම්, හීල් බත් ආහාරයට ගැනීම යනු උදේට එසේ ඉතිරි වී ඇති බත් ආහාරයට ගැනීමයි. නමුත් මේ පිළිබඳව නොදන්නා බොහෝ දෙනා දියබත් සමග හීල්බත් පටලවා ගනී. දියබත් යනු, රාත්‍රියේදී ඉතිරි වන බත් මුට්ටියේ පතුලේ දංකුඩයට නැත්නම් හාල් ටිකට වතුර දමා ගාන ලද පොල් සහ කපන ලද රතුළූණු,දෙහි යුෂ,ලුණු ආදිය දමා පානයක් වශයෙන් උදෑසන ආහාරයට ගැනීමට සකසා ගන්නා විශාල ලෙඩ රෝග රැසකට ප්‍රත්‍යක්ෂ ඔසුවකි. ඒ අනුව දියබත් යනු හීල් බත් ආහාරයට ගන්නා තවත් ක්‍රමයකි.
හීල්බතෙහි ඇති ගුණ
1.හීල්බත්වල බී කාණ්ඩයේ විටමින් ප්‍රමාණය සහ විටමින් සී ප්‍රමාණය වැඩිය.
2.හීල්බත් දීර්ඝායු ලබාදීමට හේතු වේ.
3.හීල්බත් පවුලේ මානසික සහ ආධ්‍යාත්මික සෞඛ්‍යය ප්‍රවර්ධනය කරයි.
4.හීල්බත් උදෑසන ගෙදර ආහාර පිසීමේ යුද්ධයට හොඳම විසඳුමකි. (ක්ෂණික බනිස්,රෝල්ස්,නූල්ඩ්ස්වලට වඩා දහස් ගුණයකින් පෝෂ්‍යදායී ආහාරයකි.)
5.හීල්බත් අරපිරිමැස්ම පිළිබඳ විශිෂ්ටතම ආදර්ශයකි.
6.හීල්බත් සඳහා කිසිදු මුදලක් වැය නොවේ.
7.හීල්බත් ජෛවී ආහාරයකි. (රාත්‍රියේ සිට උදෑසන දක්වා සිදුවන ජෛව ක්‍රියාකාරිත්වය හේතුවෙන් හීල්බත්වල ජෛවී ආහාර ලක්ෂණ ඇත. නමුත් උණු බත්වල එය නැත.)
8.හීල්බත් උණු බත්වලටත් වඩා පහසුවෙන් දිරවයි.
9.රාත්‍රිය පුරා ශරීර අභ්‍යන්තරයේ වැඩි වී තිබූ උෂ්ණත්වය සමනය කිරීමට, ශරීර ශක්තිය වර්ධනය කිරීමට,තරුණ බව රැකීමට,ශරීරයේ තරබාරුකමට හොඳ විසඳුමක් වීම.
මේ අනුව පැහැදිලි වන්නේ හීල්බත් යනු, ඉතා ගුණදායි මෙන්ම පෝෂදායි ආහාරයක් බවයි. නමුත් වර්තමානයේ දී කුඹුරු වපුරා අස්වැන්න ලබාගන්නා වූ ගොවි මහතා තරම් සිදාදියේ හාල් ඇටේ සල්ලිවලට ගන්නා නෝනා මහත්වරුන් හීල්බතෙහි අගය සහ ගුණය නොදැන එය උදෑසනම කුණු ගොඩට විසි කිරීම සැබැවින්ම අපරාදයකි. කෘෂිකාර්මික රටක් වශයෙන් අතීතයේ සිටම "පෙරදිග ධාන්‍යාගාරය" නමින් සහලින් ස්වංපොෂිත අප රටෙහි කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා හීල්බතෙහි අගය වටහාදීමට හැකි නම් සැබැවින්ම එය ඉතා අගනේය.
No comments:
Post a Comment