හැඳින්වීම
ලබුගම ජලාශයට ජලය සපයන ජල පෝෂක
කලාපයකට යාබදව පිහිටි හරිත වනයෙන් අක්කර 106ක බිම්කඩක් මෙම උද්‍යානය සඳහා වෙන් වී ඇත. පුවක්පිටිය
තුම්මෝදර ග්‍රාමයේ පිහිටුවා ඇති සීතාවක උද්භිත උද්‍යානය ඉදිකඩ මූකලාන වන රක්ෂිතය
ආසන්නයේ පිහිටා ඇති අතර මෙරට පස්වැනි උද්භිද උද්‍යානය ලෙස සම්භාවනාවට පාත්‍රව ඇත.
දෙස් විදෙස් සංචාරකයින් රාශියකගේ අවධානය යොමු වී ඇති අතර වර්තමානයේදී මේ ආශ්‍රිතව
ප්‍රතිමෝදන කටයුතු ක්‍රියාත්මක වේ. මෙම උද්‍යානය තුළ බෝට්ටු පැදීමේ අවස්ථාව,ක්‍රීඩා කිරීම මෙන්ම ඇවිදීම යනාදියට ද ඉඩ පහසුකම් සලසා
තිබේ.
අරමුණු
1.පාරිසරික සංචාරක හා ප්‍රතිමෝදන කටයුතු ආශ්‍රිත මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීම.
2.අභියෝගයට ලක්ව ඇති පහතරට තෙත් කලාපීය වනාන්තරවල වෘක්ෂලතා ආදිය අනාගත පරපුර සඳහා සංරක්ෂණය කිරීමට ශාක සුරැකුම් (විතැන්)රක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කිරීම.
3.ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට දායක වන තෙත් කලාපීය භූ දර්ශන වැඩිදියුණු කිරීමේ ආදර්ශයක් ලෙස ක්‍රියාත්මක වීම.
4.දිගුකාලීනව වැඩි ප්‍රසිද්ධියක් නැති හා ඌන උපයෝජිත ශාක වර්ග දැකබලා ගැනීමටත්,ඖෂධීය ශාක කර්මාන්තයේ වර්ධනය සඳහාත් තෙත් කලාපය තුළ උද්භිද විද්‍යාව හා මල් වගාව පිළිබඳව අධ්‍යාපනය හා පුහුණුව ලබාදීම සඳහාත් මධ්‍යස්ථානයක් ලෙස
ක්‍රියාත්මක
කිරීම.
වැදගත්කම
1.සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය මෙරට පස්වැනි උද්භිත උද්‍යානය වීම.
2.මල් වගාව, කාබනික වගාව, ඔසු වගාව හා මල් සහ පැළ අපනයනය සඳහා පහසුකම් සපයන ස්ථානයක් වීම.
3.උද්භිද විද්‍යාව හා පරිසර විද්‍යාව ආශ්‍රිත සිසුනට පර්යේෂණගාර පහසුකම් සැලසීම.
4.ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වන පාරිසරික
මධ්‍යස්ථානයක්
ලෙස පවත්වාගෙන යාම.
5.ශාක සහ සතුන් පිළිබඳ පර්යේෂණ ආයතනයක් ලෙස කටයුතු කිරීම.
විශේෂත්වය
පහත රට තෙත් කලාපයට ආවේණික දුලබ ශාක විශේෂ 100කට අධිකව ඇති මෙහි වඳ වීමේ
තර්ජනයට ලක්ව ඇති වල්ලාපට්ට, බිම්පොල් ඇතුළු තාල වර්ගයේ දෙබඩි පොල්,
මීමන වර්ග හා ඖෂධීය ශාක සමූහයකින්
යුත් ප්‍රාදේශීය ශාකාගාරයකින් යුතු වේ. විශේෂී පරිසර කලාප කිහිපයකින් මෙම උද්‍යානය
සමන්විත වේ. ඒවා අතර මීවන උයන,තර්ජිත ශාක එකතුව,මුදුන් උයන,කුඹුක් උයන සහ තාල ශාඛ එකතුව නමින්
හඳුන්වන විවිධ කලාපවලට වෙන් කර තිබේ.
No comments:
Post a Comment