උතුම් දළදා කරඩුවේ විහිදෙනා රන් තේජසින් - තුරන් වේවා හැම දුකක්මත් මගේ පින්බර මව්බිමේ...


වඩම්මාගෙන කරඩුවක් තම 

කර මතින්

උදාරයි ඒ ගමන් පෙරහැර

තබන පියවර හරි හෙමින්

උතුම් දළදා කරඩුවේ 

විහිදෙනා රන් තේජසින්

 තුරන් වේවා හැම දුකක්මත් 

මගේ පින්බර මව්බිමේ...


නැදුන්ගමුවේ හස්තියා ඔබ

වැජඹෙනා මංගල කුලේ

එදා ඉපදුන නාලාගිරි

හස්තියා ඔබදැයි සිතේ

පූජාකර දන් බුදුන් අභියස 

ලැබුව දහසක් විවරණෙන් 

උතුම් දළදා වඩම්මන්නේ 

ඔබද නාලාගිරි නමින්???...

No comments:

Post a Comment

ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග  කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ  ෆොටෝවල හොයනවා මතක  මාවත දිගේ... වල් වැදී ...

නෙත් පැහැරන්නෝ...