දැනගමු - සුරකිමු වගුරුබිම්


වගුරුබිම්

      වගුරුබිම් යනු, වසර පුරාම නොගැඹුරු මිරිදියෙන් පිරී පවතින ජලජ ශාක පමණක් හෝ ජලජ ශාක ප්‍රමුඛව පවතින තෙත් බිම් පරිසර පද්ධතියකි. ශ්‍රී ලංකාවේ වෙරළබඩ අඩතැනි ප්‍රදේශයේ වැඩි වශයෙන් දැකිය හැකි පරිසරයට මෙන්ම මිනිසාටද ඉතා වැදගත් පාරිසරික සේවා රැසක් සපයන සම්පතකි. එමෙන්ම වගුරු බිම් ලොව පුරා සංරක්ෂණය කර ඇති විශාලතම පාරිසරික වැදගත්කමක් ඇති පරිසර පද්ධතියකි. සතුන්ගේ හා ශාකවල ජීවිතය පිළිබඳ විශාල තොරතුරු ලබාගත හැකිය. වගුරු බිම්වල ක්‍රියාකාරීත්වය සොබාදහමේ සෙසු කොටස්වල ක්‍රියාකාරීත්වයට බෙහෙවින් වැදගත් වේ.


        වගුරුබිම් ආශ්‍රිත සේවාවන්


1.කුණාටු ඇති කරන වඩදිය -බාදිය අවශෝෂණය

   කරගත හැකි වීම.


2.දේශගුණික තත්වය හේතුවෙන් වඩාත් අ
වදානමට ලක්විය හැකි ප්‍රදේශවල ගංවතුර වළක්වා ගත හැකි වීම.


3.අවසාදිත විශාල ප්‍රමාණයක් කොටු කර ගනිමින් 
ඒවා දූෂණයට එරෙහිව ස්වභාවික පෙරණයක් ලෙස සේවය කිරීම.


4.සත්ව වාසස්ථාන සැපයීම.


5.භූගත ජල සංචිතය ස්ථාවරව පවත්වා ගැනීම.


6.වැසි ජලය අවශෝෂණය කර ගැනීම.

 

          වගුරුබිම් ආශ්‍රිත ප්‍රතිලාභ


1.වගා කිරීමට යොදා ගැනීම.

2.පාංශු වර්ගවල ඉහළ සාරවත්බවක් ඇති අතර එය බෝගවල වර්ධනයට සාපේක්ෂව පහසු වීම.


3.සංචාරක කර්මාන්තයට යොදා ගැනීම.

  (සංචාරක කුරුල්ලන්ගෙන් හා මෙරට කුරුල්ලන්ගෙන්

   සමන්විතව පැවතීම.)


4.වගුරු බිම් ආශ්‍රිත ශාක හා සත්ත්ව ප්‍රජාව ස්වභාව සෞන්දර්යය 
වැඩි කිරීම.


5.ජීවත්වන ඇතැම් ජිවීන්ගෙන් ඖෂධ ලබා ගත හැකි වීම.

                                                









No comments:

Post a Comment

ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග  කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ  ෆොටෝවල හොයනවා මතක  මාවත දිගේ... වල් වැදී ...

නෙත් පැහැරන්නෝ...