කොළඹ රටේ කැළයක මිහිරියාව...

 

                               බැද්දගාන තෙත්බිම



හැඳින්වීම

බැද්දගාන තෙත් බිම ශ්‍රී ජයවර්ධනපුර පරිපාලන අග නගරයෙහි අධි නාගරීකරණය වූ පරිසරයක නව පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ පිහිටි භූමියකි. සුන්දර දියවන්නා දිය කොමළිය අසබඩ පිහිටි බැද්දගාන තෙත්බිම හෙක්ටයාර 18 ක වපසරියක් ආවරණය කරන අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශිත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කුරුලු අභය භූමිය මායිමට ද ඇතුළත් වේ.


වැදගත්කම

බැද්දගාන තෙත්බිම ජෛව විවිධත්වයෙන් අනූන අතීතයේ පටන් පරිසරවේදීන්ගේ හා විශේෂඥයින්ගේ නිරන්තර අධ්‍යයනයට ලක් වන පරිසර පද්ධතියකි. දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් වර්තමානයේ ප්‍රතිමෝදන හා සංචාරක කටයුතු ආශ්‍රිතව ක්‍රියාත්මක වන තෙත් බිමකි.

1.ක්ෂීරපායී සත්ත්ව විශේෂ 10ක්.කුරුලු විශේෂ 50 ක්,මත්ස්‍ය විශේෂ 20ක්,සමනලුන් වර්ග 50 ක් පමණ.බත්කූරන් වර්ග 35ක් පමණ සහ ශාක විශේෂ 100ක් පමණ දැක ගැනීමට හැකිය.

2.උභය ජීවී විශේෂ 5ක් දක්නට හැකිය.

3.ඒක දේශික ශාක සහ වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක සහ සත්ත්ව ප්‍රජාවන් රැසකින් සමන්විත වේ.

4.සංක්‍රමණික කුරුළු විශේෂ රැසකගේ ආගමනය ලබන කුරුලු තොටකි. පහත රට තෙත් කලාපයට ආවේණික වූ ගස්වැල් රාශියකින් සමන්විත භූමියකි.

5.කොළඹ දිස්ත්‍රික්කයේ පක්ෂීන් දැකගත හැකි දෙවන ස්ථානය මෙයයි. ශ්‍රී ලංකාවට ආවේණික “දිය කූඩලු ශාකය” මෙහිදී දැක ගත හැක.


අරමුණු

 බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ මූලික අරමුණ වන්නේ උද්‍යානයක් ලෙස පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය හා ප්‍රතිමෝදන කටයුතු ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමයි. වටිනා තෙත්බිම් පරිසරය සංරක්ෂණය කරමින් එයට සිදුවන හානිය අවම වන පරිදි තිරසාර ලෙස සංවර්ධනය කිරීම සහ පරිසර අධ්‍යයන කටයුතු සඳහා මෙන්ම ජෛව විවිධත්වය ආශ්‍රිත අධ්‍යයන කටයුතු සඳහා ඉඩ සැලසීම.


විශේෂත්වය

යන්ත්‍රෝපකරණ භාවිතයෙන් තොරව කණු මත ඉදිවුණු පක්ෂි නිරීක්ෂණ කුළුණු,ගමන් රථ,පක්ෂි නිරීක්ෂණ ස්ථාන ගොඩනගා ඇත. එමගින් තෙත්බිම් පරිසරය මනාව සංරක්ෂණය කර ඉතා සුන්දර උද්‍යානයක් නිර්මාණය කර ඇත.

 










No comments:

Post a Comment

ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග  කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ  ෆොටෝවල හොයනවා මතක  මාවත දිගේ... වල් වැදී ...

නෙත් පැහැරන්නෝ...