“දරාගෙන තොරතුරු - සිතියම් හදන නිරතුරු වැදගත්ම සුමිතුරු - GIS තමා මිතුරු”

භූගෝලීය තොරතුරු පද්ධතිය වැදගත් වීමට බලපෑ සාධක

 

1.භූගෝලීය තොරතුරු පද්ධතිය යනු අවකාශිය මෙන්ම අවකාශිය නොවන දත්ත අන්තර්ගත දත්ත පද්ධතියකි. ඒ අනුව ක්ෂේත්‍රීය විශ්ලේෂණ මෙන්ම සංඛ්‍යාන විද්‍යාත්මක විශ්ලේෂණයන් සිදු කිරීමට හැකි වීම මෙහි පවත්නා සුවිශේෂී ලක්ෂණයකි.

 

2.කාර්යක්ෂමතාව භූගෝලීය තොරතුරු පද්ධතිය ආශ්‍රිතව පවත්නා වැදගත්කම තීව්‍ර කිරීමට ඉවහල් වී තිබේ. මෙම පද්ධතිය නවීන තාක්ෂණය මෙන්ම පරිගණකය හා බද්ධ වූ ක්‍රමවේදයක් වීම නිසාම පරිගණකය ආශ්‍රිත වේගවත් වර්ධනය මෙහි කාර්යක්ෂමතාව වර්ධනය වීමට ඉවහල් වී තිබේ. එමෙන්ම දත්ත ග්‍රහණය කිරීමේ ප්‍රබල මාධ්‍යයක් වන දුරස්ථ සංවේදන ශිල්පය හා විශ්වීය ඛණ්ඩාංක පද්ධතිය සමග බද්ධ වූ වර්ධනය වීම මෙහි ප්‍රායෝගික වැදගත්කම ඉහළ නැංවීමට පාදක විය.

 

3.දත්ත ග්‍රහණය කිරීම මෙන්ම දත්ත ගබඩා කරනු ලබන පිළිවෙළද මෙහි කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට ඉවහල්ව පවති. භූගෝලීය තොරතුරු පද්ධතියක් තුළ දත්ත ගබඩා කරනුයේ කිසියම් තල (Map Layers) වශයෙනි.භූ ලක්ෂණ සිතියමක පරිසරයේ පවත්නා සියලුම තොරතුරු එකම කඩදාසියක ප්‍රතිනිර්මාණය කරනු ලැබූවද එක් එක් තොරතුරු පද්ධති වෙන වෙනම තල වශයෙන් ගබඩා කිරීම නිසා අවස්ථාවකදී මෙම තල එක මත එක සමපාත කොට (Overlay) විශ්ලේෂණය කිරීමේ හැකියාව පවතී.

 

 4.මෙම දත්ත පද්ධති සෑම විටම   සැබෑ ඛණ්ඩාංක මත පදනම්ව නිර්මාණය කරනු ලබන බැවින් ඕනෑම භූගෝලීය ලක්ෂණයකට අදාළ පරාමිතීන් (දිග, පළල, වර්ග ප්‍රමාණය වැනි) ඉතාමත් නිවැරදිව ලබා ගැනීමට ඇති හැකියාව හේතු වී තිබේ.

 

5.මෙම පද්ධතිය පරිගණකය මත පදනම් වූ අංකිත දත්ත පද්ධතියක් වන නිසා දත්ත පද්ධතීන් ආශ්‍රිත සියලුම කාර්යයන් ඉතාමත් කෙටි කාලයක් තුළ අඩු වියදමින් නිවැරදිව සිදු කිරීමට හැකිවීම මෙහි වැදගත්කම වැඩි වීම කෙරෙහි බලපා ඇත. දත්ත ග්‍රහණය කිරීම එම දත්ත අවශ්‍යතාවය අනුව කලින් කලට යාවත්කාලීන කිරීමට හැකි වීම මෙන්ම විවිධාකාර වූ නවීන ක්‍රමවේද හා යාවත්කාලීන කිරීමට හැකි වීමද මෙහි වැදගත්කම වැඩි වීමට බලපා ඇත.

 

6.භූගෝලීය තොරතුරු පද්ධතිය තුළ අඩංගු බහු විෂයානුබද්ධ ප්‍රවේශය එහි වැදගත්කම තීව්‍ර කිරීමට හේතු වී ඇත. එබැවින් භූගෝල විද්‍යාව හදාරන්නන් පමණක් නොව පරිසරවේදීන්,කෘෂි විද්‍යාඥයන්,ඉංජිනේරුවන්,සමාජ විද්‍යාඥයින් වැනි විවිධ විෂය පථයට අයත් විද්‍යාඥයින් විසින්ද භාවිතයට නැඹුරු වී තිබේ.

 

7.පරිගණකය මත පදනම් වූ අංකිත දත්ත පද්ධතියක් වන නිසා පරිශීලනයට අවශ්‍ය පරිමාණයක් සහිතව දත්ත සමුද්ධරණය කිරීම මෙන්ම විවිධ පරිමාණයන්ගෙන් යුත් දෘඩ පිටපත් ලබා ගැනීමට හැකි වීමද මෙහි සුවිශේෂී තත්ත්වයකි.  එමෙන්ම මෙය අංකිත දත්ත පද්ධතියක් වන නිසාම එක් ඛණ්ඩාංක පද්ධතියක සිට තවත් ඛණ්ඩාංක පද්ධතියකට දත්ත හුවමාරු කිරීමේ හැකියාව පවතී.

 

8.පවතින සීමිත දත්ත භාවිතා කොට විශේෂිත ගණිතය හා සංඛ්‍යාන විද්‍යාත්මක ශිල්පීය ක්‍රම භාවිතයෙන් අමතර දත්ත නිර්මාණය කිරීමේ හැකියාවක් මෙම පද්ධතියට තිබීම ද කාර්යක්ෂමතාව වැඩි වීමට හේතු වී තිබේ. නිදසුන් වශයෙන් කිසියම් ප්‍රදේශයක උන්නතාංශ වටිනාකම ස්ථානයේ උස වශයෙන් ලබාගෙන ඇති අවස්ථාවකම ස්ථාන අතර මෙන්ම එම ස්ථානයන්ගෙන් පිටත පිහිටිම් සඳහා ද දත්ත වටිනාකම් ඇස්තමේන්තු කිරීමට හැකිවීම මෙහි සුවිශේෂී ලක්ෂණයකි.

 

9.ගුවන් ඡායාරූප චන්ද්‍රිකා ප්‍රතිබිම්බ වැනි තාක්ෂණික මෙවලම් තුළින් ලබාගන්නා දත්ත මෙම පද්ධතියට ඉතාම පහසුවෙන් අන්තර්ග්‍රහණය කිරීම මෙන්ම එම දත්ත මෙහි ප්‍රධාන දත්ත මූලයන් වශයෙන් භාවිතයට ගැනීමට හැකියාවක් පවතී.




No comments:

Post a Comment

ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග  කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ  ෆොටෝවල හොයනවා මතක  මාවත දිගේ... වල් වැදී ...

නෙත් පැහැරන්නෝ...