2020
වසරේ කොරෝනා වසංගතය හේතුවෙන් ලෝක සංචාරක කර්මාන්තය 73%කින් බිඳ වැටී ඇත. ඒ
අනුව අන්තර්ජාතික මට්ටමෙන් අහිමි වූ රැකියා සංඛ්‍යාව මිලියන 62ක් පමණ වන බව ගණන්
බලා ඇත. ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය අතිශයින් බිඳ
වැටී ඇති අතර මෙරට සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා ලෝක බැංකු සහාය ලබාදීමට ශ්‍රී
ලාංකික සංචාරක නියෝජිතවරිය සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට එකඟ වී තිබේ. ඒ
අනුව සංචාරක ප්‍රතිපත්තිය සැකසීමේ දී උපායමාර්ගික සැලසුම් සකස් කිරීම , සංචාරකයින්
සඳහා හඳුන්වාදෙන නව ජංගම යෙදවුමට මෙරට තිරසාර සංචාරක කලාප හඳුන්වාදීමේ වැඩසටහනට
සහාය ලබාදීමට ද ලෝක බැංකුවේ අවධානය යොමු වී තිබේ. කෙසේ වෙතත් මෙරට සංචාරක
කර්මාන්තය නංවාලීම සඳහා ලෝක බැංකුව සිය සහාය ලබාදීමට සූදානම් බව වාර්තා වන මොහොතක
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වත්මන් තත්වය සහ එහි නියැලෙන්නන්ගේ උන්නතිය උදෙසා
කටයුතු කළ යුතු ය. 90%කට වඩා වැඩි ප්‍රමාණයක් සංචාරක කර්මාන්තය බිඳ වැටී හමාරය.2020 වර්ෂයේ ජනවාරි සිට මැයි 19 දක්වා කාලය තුළ සංඛ්‍යාලේඛන
ගත් විට සංචාරකයින් 15300 ක් පමණ සුළු පිරිසක් පමණක්
මෙරටට පැමිණ තිබේ. කුමන තත්වයක් යටතේ සංචාරකයන් මෙරටට පැමිණියත් ඔවුන් මෙරට සියලු
නැරඹීම් කටයුතු සිදුකරන්නේ සංචාරක බුබුළු ක්‍රමය යටතේ ය.
එනම්, සංචාරක බුබුළු ක්‍රමය
යන සංකල්පය යටතේ සංචාරකයන් බාහිර ලෝකයට විවර නොවේ. සිය බුබුළෙන් පිට බාහිර
පුද්ගලයන් සමඟ ගැවසීමට අවස්ථාවක් සංචාරකයින්ට හිමි නොවේ. සංචාරකයින් සෑම ගමනක්
බිමනක්ම යන්නේ සිය බුබුළ තුළ සිටින කණ්ඩායම සමඟ පමණි. වර්තමානයේ පවතින කොරෝනා
වසංගතය හමුවේ මෙය ඉතාමත් සාර්ථක සංකල්පයකි. මෙවැනි ක්‍රම රටා භාවිතා කිරීමෙන්
ගෝලීය කොරෝනා වසංගතය හමුවේ බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය යලි නගා සිටුවීමට
හැකියාව ලැබේ. නමුත් මෙම ක්‍රමය තුළ සංචාරකයින් සඳහා ඇති වාසිය වන්නේ ,
පූර්ණ වශයෙන් සංචාරකයින් කොටුකර නොතැබීමයි. උදාහරණයක් ලෙස හෝටලය තුළ සිටින විට
වරකට සීමාසහිත ප්‍රමාණයක් ලෙස නාන තටාකය පවා භාවිතා කිරීමේ හැකියාව ඔවුන්ට ඇත. මෙම
ක්‍රමය යටතේ ඩෙල්ටා ප්‍රභේදය වැනි ඉතා සීඝ්‍රයෙන්
පැතිරී යන කොරෝනා ප්‍රභේද තුළින් සංචාරක කර්මාන්තයට හානියක් නොවී ආරක්ෂා කිරීමේ
හැකියාවක් පවතී. ඒ හේතුවෙන් සංචාරක කර්මාන්තය ක්‍රම ක්‍රමයෙන් යළි නගා සිටුවීමේ
ඉඩහසරක් නිර්මාණය වන අතර එය ඉතා වාසිදායක තත්වයකි.
බුබුළු සංකල්පය යටතේ සංචාරක
කර්මාන්තය කොරෝනා තත්වය හමුවේ වුවද නැවත දියුණු කිරීමේ අවස්ථාවක් පවතිනවා මෙන්ම
එහි අයහපත් පැතිකඩයක් ද පවතී. එනම් බුබුලු සංකල්පය තුළ හැසිරෙන සංචාරකයින් අවසානයේ
ගමන් කරන්නේ තමන්ගේ මව්රටටය. නමුත් සංචාරකයින් සඳහා සේවය කළ , සත්කාරක සේවා කළ
හෝටල් සේවකයන්, රියදුරන්, මගපෙන්වන්නන් ආදී සෘජු සහ වක්‍ර රැකියාවල නියුතු දේශීය
සේවකයන් යළි පැමිණෙන්නේ තමන්ගේ ගමටය නැතහොත් අවසානයේ තමන්ගේ නිවසටය. එහිදී මෙම
සාමාජිකයින් තුළ කොරෝනා වෛරසය ආසාදනය වී පැවතියහොත් ඔවුන් හරහා සේවකයන්ගේ
සමීපතයන්ට රෝගය බෝ වීමේ දැඩි අවදානමක් පවතී. එවිට ඒ හරහා නැවත සංචාරක කර්මාන්තය
අඩාලවීමේ වාතාවරණයක් නිර්මාණය විය හැකිය. මේ සඳහා අනුගමනය කළ හැකි හොඳම ක්‍රියා
මාර්ගයක් වන්නේ සංචාරකයින් සමග විවෘතව කටයුතු කළ සේවකයන් සියලුම දෙනා දින 14ක
නිරෝධාන ක්‍රියාවලියකින් පසුව ඔවුන්ගේ ගමට සහ නිවෙස් කරා යා යුතු ය. එවැනි සෞඛ්‍ය
ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් සංචාරක කර්මාන්තය කොරෝනා තත්වය යටතේ යළි
කඩාවැටීම නවතාලීමට හැකියාවක් ලැබෙනු නිසැකය. ඒ සඳහා අවශ්‍ය වන්නේ සියලු
පුද්ගලයන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ ක්‍රියාපටිපාටියයි. මෙම සෞඛ්‍ය
ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම දේශීය සංචාරකයින් සමග ගැටී කටයුතු කරන සේවකයන්හට ද
අනිවාර්ය කළ යුතු ය. නැතහොත් එමඟින් යහපත් සුබදායි ප්‍රතිඵලයක් ලබා ගැනීම අසීරු
කාර්යයක් වන බව නිසැකය. සම්පූර්ණ වශයෙන් සංචාරක කර්මාන්තය ආශ්‍රිතව සේවය කරන්නා වූ
සියලුම සේවකයන් මෙම විධිමත් ක්‍රමවේදයට හුරුවිය යුතුමය. සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ
කරන්නා වූ නිවැරදි විධිමත් සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළහොත් නැවතත් සංචාරක
කර්මාන්තය ආශ්‍රිත සියලුම ක්‍රියාකාරකම් නවතා දැමීමට සිදු වේ. එවිට සිදුවන්නේ
සංචාරක කර්මාන්තය ආශ්‍රිතව පවතින සියලුම රැකියාවන් නැවත නතර කර දැමීමටයි. ඒ
හේතුවෙන් තම තමන්ගේ රැකියාවන් ආරක්ෂා කර ගැනීමට නම් සේවකයින් නිසි සෞඛ්‍ය උපදෙස්
අනුගමනය කළ යුතුමය. කොරෝනා වසංගතය හමුවේ සියලුම අංශවලට රජය විසින් දැනුම් දෙනු
ලැබුවේ නිවසේ සිට වැඩ කරන ලෙසයි. නමුත් සංචාරක කර්මාන්තයට එය අදාළ වන්නේ නැත.
සංචාරක කර්මාන්තය යනු නිවසේ සිට කළ හැකි කර්මාන්තයක් නොවේ. ඒ සඳහා සංචාරක ක්ෂේත්‍රයට
යා යුතුමය. දේශීය විදේශීය සංචාරකයින් සඳහා මුසු විය යුතුමය. සේවය කරන ස්ථානයේ
සැලකිය යුතු කාලයක් රැඳී සිටීමට සිදු වේ. එවැනි
තත්වයක් යටතේ දේශීය සංචාරකයන්ටත් විදේශීය සංචාරකයන්ටත් ලැගුම් ගන්නා හෝටල්වල ඇති
රෙස්ටුරන්ට්වල කෑමට හෝ බාර්වලට යාමට අවස්ථාව ලබා නොදීම රජයෙන් ගෙන ඇති වැදගත්
පියවරකි.
සෑම වසරකම මෙරටට පැමිණෙන
සංචාරකයන්ගෙන් 65% ක ප්‍රමාණයක් ගෙන්වන්නේ සංචාරකයන් ගෙන්වන්නන්ගේ සංගමය හෙවත් SLITO ය.කොරෝනා වැනි තත්වයන් හමුවේ පසුබැසීම්වලට
පෙර 2018 වසරේ සංචාරකයන්
ගෙන්වන්නන්ගේ සංගමය මෙරටට ගෙන් වූ සංචාරක වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 4.2 කි. මෙවැනි වටිනාකමක් රටට
ගෙන ඒමෙන් එම මුදල සංචාරක නියෝජිත ආයතනවලට පමණක් ලැබෙන්නේ නැත. එම මුදල් රටපුරා
සංචාරක ව්‍යාපාරයේ නියැලී සිටින සෑම ක්ෂේත්‍රයක් අතරම බෙදී යනු ලැබේ. තැඹිලි
විකුණන්නන් , සංචාරකයින්ට ඇඳුම් විකුණන්නන් , සංචාරකයන් ගමන් කරන මේ රටේ දුම්රිය
වාහනවලට , ඔවුන් නරඹන සීගිරි - දඹුලු වැනි ස්ථාන අයත් මධ්‍යම සංස්කෘතික අරමුදලට,
වනජීවී දෙපාර්තමේන්තුවට , ගමට - නගරයට වැනි සෑම තරාතිරකම අංශ වෙත එම මුදල් බෙදී
යයි. ඒ හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටීමෙන් එහි අයහපත් බලපෑමට මුහුණ දෙන්ට
සිදුවන්නේ සුළුපටු පිරිසකට නොවේ. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින
සියලුම අංශවල සේවකයන් මෙවැනි වාතාවරණයක් තුළ රැක ගැනීමට රජය ක්‍රියා නොකළහොත්
වර්තමානය වනවිට රට මුහුණ දී ඇති තත්වයට වඩා හාත්පසින්ම වෙනස් වාතාවරණයකට මුහුණදීමට
සිදුවෙයි. එයට හේතුව මෙයයි. සෑම වසරකම මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීම සදහා ශ්‍රී
ලංකා සංචාරක අමාත්‍යාංශයට අමතරව ජාත්‍යන්තර ප්‍රවර්ධන කටයුතු සහ සබඳතා ඇතිකර
ගැනීම් සඳහා සංචාරකයින් මෙරටට ගෙන්වන්නන්ගේ සංගමය විසින් රුපියල් බිලියන 1.5 ක මුදලක් වියදම් කරනු ලබයි.
මේ සා මුදලක් වියදම් කර රටට සංචාරකයින්ගෙන් වූ පසු එමගින් ප්‍රයෝජනය ලබන්නේ සුළු
පටු පිරිසක් නොවේ. සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියාවන්හි නියැළෙන සෘජු සහ වක්‍ර
රැකියා දායකයින් සියලුම දෙනා එමඟින් ප්‍රයෝජනය ලබයි.
මෙවැනි
ගෝලීය වසංගතයක් හමුවේ සියලුම සුළු හා මහා පරිමාණ රැකියා දායකයන් ඉතා අසීරු
වාතාවරණයකට මුහුණ දෙමින් සිටී. ඒ කොරෝනා නම් ගෝලීය වසංගතය හේතුවෙන්
මෙරටට සංචාරක කර්මාන්තයට උදා වී ඇති අවාසනාවන්ත වූ ඉරණමයි. ඒ හේතුවෙන් සංචාරක
ක්ෂේත්‍රයේ නියැලී සිටින සෑම කුඩා තරාතිරමකම වෘත්තිකයන් මෙම අපහසු කාලවකවානුව තුළ
රැකගත යුතු ය. නැතහොත් ඇතිව තිබෙන්නා වූ පීඩන තත්වය හමුවේ සංචාරක ක්ෂේත්‍රයට
සම්බන්ධ පුද්ගලයන් සංචාරක ක්ෂේත්‍රය අතහැර දැමුවහොත් ලංකාවේ ආර්ථිකයට අත්වන්නේ
සුළුපටු පාඩුවක් නොවේ. තව ද ක්ෂේත්‍රය කුමන ආකාරයකින් හෝ යථා තත්ත්වයට ගත්තද
පළපුරුදු වෘත්තිකයින් නොමැතිවීමෙන් එහි වර්ධන වේගය අඩාල වීම සිදු වේ. ඒ හේතුවෙන්
මෙම අපහසු කාලවකවානුව තුළ සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ පුද්ගලයන් රැකගනිමින්
ක්ෂේත්‍ර යළි නගා සිටුවීමට කටයුතු කළ යුතුය. සංචාරක කර්මාන්තය අඩපණ වීම නතර කළ
යුතුය.
No comments:
Post a Comment