කුමරියක් බිලිගත් ඇල්ලක්...

                                      

                                        කුමරි ඇල්ල



                    කුමරි ඇල්ල ඓතිහාසික පුරාවෘත්ත හා සම්බන්ධ වූවකි. සීතාවක රජකම් කල මායාදුන්නේ රජතුමාගේ කාලයේ සිටම මෙම ස්ථානය රජපවුලේ දිය කෙළිනා ස්ථානයක්ව පැවති බවත්,විශේෂයෙන්ම රජ බිසෝවරු මෙහි දිය නාන්නට පැමිණි බවත්,සීතාවක රජකම් කළ ටිකිරි බණ්ඩාර හෙවත් පළමුවැනි රාජසිංහ රජුගේ දූ කුමරිය මෙහි දියනාමින් සිටියදී ගිලී මියගිය බවත් සඳහන්ය. එම නිසා මෙය කුමරි ඇල්ල නම් විය.



පිහිටීම

                    

                    කොළඹ රත්නපුර මාර්ගයේ කොළඹ සිට රත්නපුර දෙසට ගමන් කරන විට අවිස්සාවේල්ලට පෙර හමුවන පුවක්පිටිය දුම්රියපොල පසුකර දකුණට හැරී තුම්මෝදර පාරට හැරී කිලෝමීටර් 3ක් පමණ යන විට කුමාරි ඇල්ලට පිවිසෙන මාර්ගය වම්පසින් හමුවේ. මෙය ඉතා පටු මාර්ගයකි. පිට්ටු කන්ද සහ දුක්කලහෙලෙනා කඳු දෙක ඔස්සේ ගලා එන ජල පහර දෙකක් එක් වීමෙන් සෑදෙන අඹන්ගම ඔය නිර්මාණය කරන  මෙම දිය ඇල්ල මහල් කිහිපයකට ඇද වැටෙන අතර ප්‍රධාන දිය ඇල්ලේ උස මීටර් 4ක් පමණ වේ.

 








No comments:

Post a Comment

ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග  කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ  ෆොටෝවල හොයනවා මතක  මාවත දිගේ... වල් වැදී ...

නෙත් පැහැරන්නෝ...