පොලොන්නරුව රාජධානියේ බිඳවැටීම...
මේ හැරුණු විට විදේශීය යුධ සඳහා පාලකයා සම්බන්ධ
නොවන බැවින් ඒ සඳහා සෙන්පතිවරුන් රාශියක් පුහුණු කිරීමට සිදු වූවා මෙන්ම
අවස්ථානුකූලව යුදබිමේ භූමියේ දී විධාන නිකුත් කිරීම සඳහා පූර්ණ බලතල එම
සෙන්පතිවරුන්ට ලබාදීමට සිදුවුනු අතර පරාක්‍රමබාහු රජුගේ මරණයෙන් පසු එම
සෙන්පතිවරුන් ස්වාධීනව ක්‍රියා කිරීම නිසා ඔවුන් පාලකයන් බලයට පත් කරන හා බලයෙන් පහ කරන තත්ත්වයට පත්වීම
නිසා පොළොන්නරු යුගයේ අග භාගයේ දේශපාලන ව්‍යාකූලත්වයක් ඇති වීම කෙරෙහි බලපා තිබේ.
උදාහරණ වශයෙන් නිශ්ශංකමල්ල ගෙන් පසුව රාජ්‍යත්වයට පත් වූ ඔහු පුත් වික්‍රමබාහු
කුමරු රාත්‍රියේ බලයට පත් වී පසුදා පහන් වන විට කවුරුදාමන් නම් අමාත්‍යවරයකු විසින්
ජීවිතක්ෂයට පත් කළේය. අයස්මන්ත නම් සෙන්පතියා මාස 3ක් වයසැති බිලිඳකු රාජ්‍යත්වයට
පත් කොට තමන්ට අභිමත පරිදි රට පාලනය කරනු ලැබීය. මෙසේ සෙන්පතිවරුන් පත්කොට
ස්වාධීනව ක්‍රියා කිරීම පොළොන්නරු යුගයේ අගභාගයේ දී දේශපාලන ව්‍යාකූලත්වයක් ඇතිවීම
කෙරෙහි හේතු වූ බවට ඊට පරාක්‍රමබාහු රජුගේ විදේශ ප්‍රතිපත්තියේදී සෙන්පතිවරුන්ට
අසීමිත වශයෙන් බලතල ලබාදීම හේතු වී තිබෙන බවත් පෙන්වා දිය හැකිය.
එමෙන්ම විදේශ යුද්ධවලදී රටේ ශක්තිමත් තරුණ ජනතාව
විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වීම නිසා 1215දී කාලිංග මාඝ පොළොන්නරුව
ආක්‍රමණය කරන විට ඊට මුහුණ දීමට තරම් ශක්තිමත් තරුණ ජන කොට්ඨාසයක් නොමැති වීම නිසා
රජරට ප්‍රදේශයේ ජනතාව රජරට ප්‍රදේශය අතහැර නිරිතදිග ප්‍රදේශයට සංක්‍රමණය වීම
කෙරෙහි හේතු වූ බවත් එය පොළොන්නරු රාජධානියේ බිඳවැටීම කෙරෙහි හේතු වූ බවත් පෙන්වා
දී තිබේ. පළමුවන පරාක්‍රමබාහු රජතුමා වාරිමාර්ග ව්‍යාපෘතීන් හා පොදු වැඩ කටයුතු
සඳහා රාජ්‍ය සම්පත් අධික ලෙස වැය කර තිබේ එනම්, පරාක්‍රමබාහු රජු දක්ඛිණ දේශයේ පාලකයා වශයෙන් සිටියදී වාරිකර්මාන්ත 58ක්
නිර්මාණය කළ බව සඳහන් වන අතර ඉන් 37ක් නාමිකව සඳහන් වී තිබේ. ඒ තුළින් විශාල වාරි
කාර්මික සංවර්ධනයක් ඇති වූ බව පැහැදිලිය. ඒ හැරුණු විට දක්ඛිණ දේශ ප්‍රදේශයේ පැවති
ප්‍රධාන ගංගාවක් වූ දැදුරු ඔය ආශ්‍රිතව පුළුල් වාරිකර්මාන්ත වර්ධනයක් ඇති කරනු
ලැබීම එමෙන්ම රජරට ප්‍රදේශයේ පාලකයා බවට පත්වීමෙන් අනතුරුව අලුතින් ඉදිකරන ලද හා
ප්‍රතිසංස්කරණය කරන ලද වාරි කර්මාන්ත වශයෙන් අමුණු 165 ක්, මහාවැව් 163ක් කුඩාවැව්
2376ක් ඇළවල් 3970ක් ඉදිකළ බව සඳහන් වී
තිබීමෙන් වාරිමාර්ග ව්‍යාපෘතීන් සඳහා විශාල රාජ්‍ය සම්පත් ප්‍රමාණයක් යෙදවූ බව
පැහැදිලිය. ඉහත වාරිකර්මාන්ත හැරුණු විට පරාක්‍රම සමුද්‍රය,පරාක්‍රම තටාක,මහින්ද
තටාක, ඒකාහවාපි, පරාක්‍රම සාගර යන වාරි කර්මාන්ත ද ඉදිකළ බව පැහැදිලිය. ඒ හැරුණු
කල පරාක්‍රමබාහු රජ ලෝක ශාසනික කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අධික ලෙස වැය කර තිබේ.
එනම්, චූලවංශයට අනුව ඔහුගේ ලෝක ශාසනික කටයුතු පිළිබඳව සඳහන් කිරීමේදී උත්තරාරාමය
හෙවත් පොළොන්නරු ගල් විහාරය, බද්ධ සීමා මාලකය, ආළාහණ පිරිවෙන, පොත්ගුල් විහාරය, දැදිගම
කොටවෙහෙර, යුධගනාව චෛත්‍යය, දෙමළ මහා සෑය,
රූපවතී චෛත්‍යය හෙවත් පොලොන්නරු කිරිවෙහෙර, තිවංක පිළිමගෙය ආදිය ඉදි කළ බව සඳහන්
කර තිබීමෙන් ලෝක ශාසනික කටයුතු සඳහා ද රාජ්‍ය සම්පත් අධික ලෙස යොදනු ලැබූ බව
පැහැදිලිය. ඒ අනුව පරාක්‍රමබාහු රජු වාරිමාර්ග ව්‍යාපෘතීන් හා පොදු වැඩ කටයුතු
සඳහා ද රාජ්‍ය සම්පත් අධික ලෙස යෙදවීම නිසා ජනතාවට ඉසිලිය නොහැකි අන්දමින් බදු අය
කළ බවත් ජනතාවගේ ඉඩම් කඩම් ආදිය පැහැර ගත් බවත් පළමුවන පරාක්‍රමබාහුගෙන් පසුව බලයට
පත් වූ දෙවන විජයබාහු, නිශ්ශංකමල්ල රජු
බදු බරින් පීඩිතව සිටි ජනතාව එම පීඩනයෙන් මුදවා ලීම සඳහා ප්‍රධාන බදු වර්ගය වසර 5කට බදු නිදහසක්ද සුළු බදු
වර්ගයන් සඳහා සම්පූර්ණ බදු නිදහසක්ද ලබාදුන් බව සඳහන් වේ. ජනතාව ඉහත පීඩනයෙන්
මිදෙන්නට සැලකිය යුතු පිරිසක් කල්තියා රුහුණු ඇතුළු නිරිතදිග ප්‍රදේශවලට සංක්‍රමණය
වෙන්නට ඇතැයි සැලකේ. වාරිමාර්ග ව්‍යාපෘතීන් සඳහා රාජ්‍ය සම්පත් අධික ලෙස යොදවනු
ලැබුවද ඒ තුළින් රටේ විශාල සංවර්ධනයක් ඇති වූ බව ද එමගින් සහලින් රට ස්වයංපෝෂිත
වූවා පමණක් නොව සහල් පිටරට යැවීමට පවා සමත් වීම නිසා ලංකාව “පෙරදිග ධාන්‍යාගාරය”
යන විරුදාවලියෙන් පිදුම් ලැබීමටද සමත් වූ බව සඳහන් වේ. එහෙයින් ඒ තුළින් රටේ විශාල
ආර්ථික සංවර්ධනයක් ඇති වූ බව පැහැදිලිය. කෙසේ වෙතත් එවැනි පුළුල් වාරිමාර්ග
කර්මාන්ත ක්‍රමයක් ගොඩ නැංවීම හා පවත්වාගෙන යෑම සඳහා විශාල ශ්‍රමයක් ලබාගැනීමට
සිදුවීමෙන් එම පීඩනයෙන් මිදෙන්ට වැසියන් සැලකිය යුතු පිරිසක් නිරිතදිග ප්‍රදේශයට
සංක්‍රමණය වන්නට ඇත. ලෝක ශාසනික කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අධික ලෙස යෙදවීම තුළින්
රටේ යහපත් සමාජ ක්‍රමයක් ඇති වුවද ඒ තුළින් ආර්ථික සංවර්ධනයක් ඇති නොවීය. එනම්,
ආර්ථික සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට පැවති වටිනා මුදල් ලෝක ශාසනික කටයුතු සඳහා
යෙදවීම හේතු කරගෙන පොළොන්නරු රාජධානියේ පරිහානිය කෙරෙහි හේතු වූ බවත් ඊට පරාක්‍රමබාහු
රජු වගකිව යුතු බවත් පෙන්වා දී තිබේ. නමුත් එවැනි ආර්ථික සංවර්ධනයක් ඇතිවී තිබුණු
යුගයක මෙසේ ලෝක ශාසනික කටයුතු සඳහා මුදල් යෙදවීම එතරම් අපහසු කරුණක් නොවන්නට ඇති
අතර එයින් පොළොන්නරු රාජධානිය පරිහානිය කෙරෙහි ඉවහල් නොවන්නට ඇතැයි ද පෙන්වා දිය
හැකිය. ඒ අනුව පරාක්‍රමබාහු රජුගේ විදේශ ප්‍රතිපත්තියත්, ඔහු විසින් වාරිකර්මාන්ත
වැඩ කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අධික ලෙස යෙදවීමත් පොලොන්නරු රාජධානියේ පරිහානිය
කෙරෙහි ඉවහල් වන්නට ඇතැයි මත ඉදිරිපත් වී තිබේ. නමුත් එම හේතු සාධක හැරුණු විට
තවත් නොයෙක් හේතු සාධක රාශියක් පොලොන්නරු රාජධානිය බිඳවැටීම කෙරෙහි ඉවහල් වන්නට
ඇතැයි මත ඉදිරිපත් වී තිබේ.
පරාක්‍රමබාහු රජුගේ ඉහත හේතු සාධක හැරුණු විට
ඔහුගේ ස්වදේශීය ප්‍රතිපත්තියේ එන රෝහණ ප්‍රදේශය මර්දනය කිරීමේදී අනුගමනය කරනු ලැබූ
දැඩි මර්දනකාරී ක්‍රියා පිළිවෙත පොලොන්නරු රාජධානිය බිඳවැටීම කෙරෙහි හේතුවන්නට
ඇතැයි මත ඉදිරිපත් වී තිබේ. පරාක්‍රමබාහු රජුගේ මුල් කාලයේදී සුගලා බිසව දන්ත ධාතූන්
වහන්සේ අතැතිව දිගින් දිගටම කැරලි කෝලාහල ඇති කළ අතර ඇය දන්ත ධාතුන් වහන්සේ සමග
ජීවග්‍රහයෙන් ලබා ගනු ලැබුවද පරාක්‍රමබාහු රජුගේ මුල් පරිච්ඡේදයේදී දිගින් දිගටම
ඔහුට විරුද්ධව රෝහණ දේශයේ කැරලි කෝලාහල ඉස්මතු විය. ඒ අනුව පරාක්‍රමබාහු රෝහණ ප්‍රදේශය
මර්දනය කිරීම සඳහා දැඩි මර්දනකාරී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළ අතර එහිදී රෝහණ ප්‍රදේශය
රාජ්‍යත්වය සඳහා උරුමකම් කිව හැකි සියලුම තරුණ කුමාරවරු සමූල ඝාතනය කරන ලදී. එනම්,
“පොළොව දූවිලි වන තෙක් මිනිසුන් ඝාතනය කළේ යැයි” චූලවංශයේ සඳහන් කර තිබේ. ඒ අනුව
ඕනෑම විජාතික පාලකයෙකුට විරුද්ධව නැගී සිටින රෝහණ ජනතාව 1215දී කාලිංග මාඝ රජරට ආක්‍රමණය කිරීමත් සමග නිහඩ ප්‍රතිපත්තියක නියැලුණු බවත් එය පොළොන්නරු රාජධානියේ
බිඳවැටීම කෙරෙහි ඉවහල් වුණු බවත් ඊට පරාක්‍රමබාහු රජුගේ රෝහණ ප්‍රදේශ මර්දනය
කිරීමේදී අනුගමනය කරනු ලැබූ දැඩි මර්ධනකාරී ක්‍රියා පිළිවෙත වගකිව යුතු බවටත්
පෙන්වා දී තිබේ.
ඒ හැරුණු විට පරාක්‍රමබාහු රජුගේ ස්වදේශ ප්‍රතිපත්තියේදී
තමා වෙත බලය කේන්ද්‍රගත කිරීමේ ව්‍යාපාරයේදී රාජ්‍යත්වයට පත් විය හැකි කුමාරවරුන්
විශාල වශයෙන් ඝාතනය කිරීම නිසා පළමුවන පරාක්‍රමබාහු රජුගේ මරණයෙන් අනතුරුව පාලන
බලයට පත්වීමට නීත්‍යානුකූල පාලකයෙක් නොමැති වූවා මෙන්ම පොළොන්නරු යුගයේ අගභාගයේ
පාලන බලයට පත්වීමට දක්ෂ පාලකයෙක් නොමැති වීම කෙරෙහි බලය කේන්ද්‍රගත කිරීමේ ව්‍යාපාරය බලපා ඇති බව
පෙන්වා දී තිබේ.
ඒ හැරුණු විට පළමු පරාක්‍රමබාහු රජු දක්ඛිණදේශ
ප්‍රදේශයේ පාලකයා වශයෙන් සිටියදී සිදුකල සංවර්ධන කටයුතු හේතුකොටගෙන සැලකිය යුතු
ජනතාව කල්තියාම නිරිතදිග ප්‍රදේශයට සංක්‍රමණය වීම කෙරෙහි හේතු වන්නට ඇත. එනම් එම
සංවර්ධන කටයුතු සඳහා යොදවා ගන්නට ඇත්තේ රජරට ප්‍රදේශයේ ජනතාව පමණක් නොව රෝහණ ඇතුළු
නිරිතදිග ප්‍රදේශවල ජනතාව යොදවා ගෙන තිබීමෙන් සැලකිය යුතු ජන කොට්ඨාසයක් නිරිතදිග
ප්‍රදේශවලට සංක්‍රමණය වී සිටින්නට ඇති බව සිතිය හැක්කේ පළමුවන පරාක්‍රමබාහු රජු
රජරට ප්‍රදේශයේ පාලකයා වශයෙන් පත්වීමෙන් අනතුරුව ඔහු රජරට පැමිණිය ද ඔහු දක්ඛිණ
දේශ ප්‍රදේශයේ සිදුකර තිබූ සංවර්ධන කටයුතු හේතුකොටගෙන සැලකිය යුතු ජනතාවක් එම ප්‍රදේශවල
පදිංචි වූ බැවිනි. කෙසේ වෙතත් පරාක්‍රමබාහු රජුගේ ඉහත දේශීය හා විදේශීය ප්‍රතිපත්තීන්
හරුණු විට නොයෙක් දේශපාලන,ආර්ථික,ආගමික,සමාජීය,සංස්කෘතික හේතු සාධක රජරට ජනතාව නිරිතදිග ප්‍රදේශයට සංක්‍රමණය වීම කෙරෙහි
බලපා තිබේ. ආගමික වශයෙන් ද හේතු සාධක පොලොන්නරු රාජධානිය බිඳවැටීම කෙරෙහි බලපා
තිබේ. එනම්, අනුරාධපුර යුගයට වඩා පොළොන්නරු යුගය තුළ අන්‍ය ආගම්වල බලපෑම එල්ල වූ
බව පොළොන්නරු යුගයේ නටඹුන් අතරින් ශිව දේවාල 6ක නටබුන් හමු වී තිබීමත් ශිව හා
නටරාජා පිළිම විශාල ප්‍රමාණයක් හමු වී තිබීමෙන් පැහැදිලි වේ. ඒ හැරුණු විට 1215දී ලක්දිව ආක්‍රමණය කළ
කාලිංග මාඝ ලංකාව තුළ අනුගමනය කල ආගමික ප්‍රතිපත්තියේදී සහමුලින්ම මෙරටින් බුදු
දහම තුරන් කිරීමේ ප්‍රතිපත්තියක නියැලීම නිසා වෙහෙර විහාරස්ථාන පිරිවෙන් මධ්‍යස්ථානවලින්
භික්ෂූන් වහන්සේලා පන්නා දමා එම වෙහෙර විහාරස්ථාන පිරිවෙන් මධ්‍යස්ථාන සතු වූ වටිනා
පොත්පත් ආදිය එළියට ඇද දමා ගිනි තබා විනාශයට පත් කරනු ලැබූ බව චූලවංශයේ සඳහන් වී
තිබේ. ඒ අනුව කාලිංග මාඝ පාලන සමය තුළ දේශීය බෞද්ධ භික්ෂූන් පාලකයන්ගෙන් අපේක්ෂා
කළ ගෞරවය,ආරක්ෂාව සහ රාජ්‍ය අනුග්‍රහය රජරට ප්‍රදේශයෙන් නොලැබීම නිසා එම බෞද්ධ
භික්ෂූන් වහන්සේලා දන්ත ධාතූන් වහන්සේ පාත්‍රා ධාතූන් වහන්සේ වැනි වටිනා පූජ්‍ය
වස්තූන් රැගෙන රුහුණ ඇතුළු නිරිතදිග ප්‍රදේශවලට සංක්‍රමණය වන විට ඔවුන් හා සමීප
දිවි පෙවතක් ගත කළ රජරට සිංහල ජනතාවට එම ප්‍රදේශයට සංක්‍රමණය වීම නොවැළැක්විය හැකි
කාරණාවක් විය. එහෙයින් ආගමික වශයෙන්ද හේතු සාධක පොලොන්නරු රාජධානිය බිඳවැටීම
කෙරෙහි බලපා තිබේ.
නොයෙක් සමාජීය හා සංස්කෘතික
හේතු සාධකද පොළොන්නරු රාජධානිය බිඳවැටීම කෙරෙහි හේතු වී තිබෙන බවට මත ඉදිරිපත් වී
තිබේ. සමාජීය වශයෙන් නිශ්ශංකමල්ල වැනි පාලකයින් තමන්ට මුහුණදීමට පැවති දේශපාලන
අභියෝග ජයගැනීමේ දී වාරි කර්මාන්ත ක්ෂේත්‍රය හා සම්බන්ධ නිලධාරී පන්තිය පහත් ලෙස
හෙළා දකින ආකාරයේ ශිලා ලේඛන දකුණුදිග වාසල් දොරටුවෙහි පවා පිහිටුවීමට අදූරදර්ශී වී
තිබේ. ඒ අනුව දේශීය ප්‍රභූවරුන් පොළොන්නරු යුගයේ අගභාගයේ දී තමන්ට ලැබිය යුතු
ගෞරවය අනුග්‍රහය හා පිළිගැනීම රජරට ප්‍රදේශයෙන් නොලැබීමත් සමඟ රුහුණ හා නිරිතදිග
ප්‍රදේශයට සංක්‍රමණය වන විට ඔවුන් හා සමීප දිවියක් ගත කළ රජරට සිංහල ජනතාවද රුහුණ
හා නිරිතදිග ප්‍රදේශයට සංක්‍රමණය වීම නොවැළැක්විය හැකි හේතුවක් විය. එමෙන්ම
මැලේරියාව වැනි වසංගත රෝග බෝවීම නිසාත් පොළොන්නරු රාජධානිය බිඳ වැටෙන්නට ඇතැයි මත
ඉදිරිපත් වී ඇත. නමුත් බොහෝවිට එවැන්නක් ඇතිවන්නට ඇත්තේ වාරිකර්මාන්ත කැඩී බිඳී
ගොස් වල් බිහිවීමෙන් පසුව විය යුතුය. එමෙන්ම චූලවංශයට අනුව දෙවියන් නොබැලීම නිසා අස්වැන්න
අඩු වූයේ යැයි සඳහන් වී තිබීමෙන් දීර්ඝ කාලයක් එකම භූමියක වගා කිරීමට හේතු කොටගෙන
පස නිසරු වන්නට ඇතැයි ද මත ඉදිරිපත් වී තිබේ.
සංස්කෘතික වශයෙන්ද හේතු සාධක පොලොන්නරු
රාජධානිය බිඳවැටීම කෙරෙහි හේතුවන්නට ඇතැයි පෙන්වා දී තිබේ. එනම් අනුරාධපුර යුගයට
වඩා පොළොන්නරු යුගය තුළ ආක්‍රමණික හා සංක්‍රමණික වශයෙන් චෝල,පාණ්ඩ්‍ය,කාලිංග වැනි විදේශීය
වංශිකයින් පොළොන්නරුවට පැමිණ තිබේ. මෙම විවිධ සංස්කෘතීන්ට අයත් පුද්ගලයන් අතර
ඇතිවන විවිධ සංස්කෘතික සම්මිශ්‍රණය හේතුවෙන් සංස්කෘතික වශයෙන් ගැටුම් ඇතිවීම
ස්වභාවිකය. එම සංස්කෘතික ගැටුම් ඇති වුණු අවස්ථාවන්වලදී ජනතාව එම ප්‍රදේශ අතහැර
අලුත් ප්‍රදේශවලට ගිය අවස්ථා දැකිය හැකිය. උදාහරණ මහසෙන් රජු කළ රජරට ප්‍රදේශයේ
මහායාන සංස්කෘතිය ව්‍යාප්ත වීමත් සමඟ ථෙරවාදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා රජරට ප්‍රදේශ
අතහැර රුහුණු,මලය ආදී ප්‍රදේශවලට පලා ගියේද කෝට්ටේ යුගය තුළ පෘතුගීසි සිරිත්
විරිත් සම්ප්‍රදායයන් සංස්කෘතීන් කෝට්ටේ රාජධානිය තුළ ව්‍යාප්ත වීමත් සමඟ එවකට
සිංහල ජනතාවගේ චිරාගත සම්ප්‍රදායන් සංස්කෘතිය ආරක්ෂා කරනු ලැබූ රාජධානිය වශයෙන්
මායාදුන්න යටතේ සීතාවක රාජධානිය සංවර්ධනයට පත් වත්ම එම ජනතාව ඇදී ගියේ ද සීතාවක
පාලක පළමුවන රාජසිංහ ශිව ආගම වැළඳ ගෙන භික්ෂු ඝාතනය සිදු කරන විට එවකට සිංහල
ජනතාවගේ සම්ප්‍රදායන් සංස්කෘතිය ආරක්ෂා කරනු ලබන රාජධානිය වශයෙන් පළමුවන විමලධර්ම
යටතේ සංවර්ධනය වූ කන්ද උඩරට රාජධානිය වෙත ජනතාව ඇදී ගියේ ද එවැනි සංස්කෘතික ගැටුම්
හේතුවෙනි. ඒ අනුව රජරට ජනතාව නිරිතදිගට සංක්‍රමණය වීම කෙරෙහි සංස්කෘතික වශයෙන් ද
හේතු සාධක බලපා තිබෙන බව පැහැදිලිය.
ආර්ථික වශයෙන් ද
නොයෙක් හේතු සාධක පොළොන්නරු රාජධානිය බිඳ වැටීම කෙරෙහි බලපා තිබේ. එනම්, පළමුවන
පරාක්‍රමබාහු රජු යටතේ පුළුල් වාරි කාර්මික සංවර්ධනයක් ඇති වූ අතර එවැනි පුළුල්
වාරි කාර්මික පද්ධතියක් පවත්වාගෙන යාම කෙරෙහි ප්‍රබල පාලකයකු බලයට පත්විය යුතු විය.
නිශ්ශංකමල්ල අනුගමනය කළ ප්‍රචාරණශීලී ව්‍යාපාරය හේතු කොටගෙන වාරි කර්මාන්තයට
සම්බන්ධ නිලධාරී පන්තියේ බිඳවැටීමත් සමග වාරිකර්මාන්ත පද්ධතියට බිඳ වැටුණු අතර
පොළොන්නරු යුගයේ බලයට පත්වූ අදක්ෂ පාලකයින්ට එවැනි පුළුල් වාරි කර්මාන්ත පද්ධතියක්
පවත්වාගෙන යාමට නොහැකිවිය. එමෙන්ම 1215 දී කාලිංග මාඝ රජරට ආක්‍රමණය
කරන විට වැව් කඩා බිඳ දමා ජලය හරස් කිරීම තුළින් යුධමය උපක්‍රමයක් වශයෙන් භාවිත කළ
අතර එසේ වාරිකර්මාන්ත ක්‍රමය බිඳ වැටීමත් සමග ජනතාව පාලකයන්ගෙන් අපේක්ෂා කළ
වාරිමාර්ග කටයුතු සංවර්ධනය පොළොන්නරු යුගයේ අගභාගයේ දී නිසි පරිදි සිදු නොවුණු බැවින්
ජනතාව පාලකයාගේ අනුග්‍රහයකින් තොරව අහස් දියෙන් පමණක් වගා කළ හැකි වසර මුළුල්ලේම
වර්ෂාව ලැබෙන නිරිතදිග ප්‍රදේශයට සංක්‍රමණය විය. මෙම කාල පරිච්ඡේදය වන විට අරාබි
වෙළඳුන් ලංකාව සමග වෙළෙඳ සම්බන්ධතා ඇති කරගෙන තිබුණු අතර ජනතාව නිරිතදිගට සංක්‍රමණය
වීමේ දී සහලින් නැතහොත් බතින් යම්කිසි
අඩුවක් ඇති වුවහොත් ඒ වෙනුවට හුවමාරු කරගත හැකි පුවක්,කුරුඳු,කුළුබඩු ආදී වෙළෙඳ ද්‍රව්‍ය
කිහිපයක් නිරිතදිග ප්‍රදේශයේ පැවතීමත් යම් කිසි අඩුවක් ඇති වුවහොත් ඒ වෙනුවට
භාවිතා කළ හැකි කොස්,දෙල් වැනි වගාවන් නිරිතදිග ප්‍රදේශයේ පැවතීමත් ආදී විවිධ
ආර්ථිකමය හේතු සාධක පොළොන්නරු රාජධානිය බිඳවැටීම කෙරෙහි බලපා තිබේ.
නොයෙක් දේශපාලනමය
හේතු සාධක රජරට ජනතාව නිරිතදිගට සංක්‍රමණය වීම කෙරෙහි බලපා තිබේ. අනුරාධපුර යුගයේ
අග භාගයේ එල්ල වූ චෝල ආක්‍රමණ හේතුකොටගෙන සැලකිය යුතු පිරිසක් එම පීඩනයෙන් මිදීම
සඳහා කල්තියා රජරට ප්‍රදේශ අතහැර රුහුණු ප්‍රදේශයට සංක්‍රමණය වන්නට ඇතැයි සැලකේ.
එමෙන්ම ක්‍රි.ව.1111-1153 අතර රට කොටස් 04කට කැඩී
පැවැති ව්‍යාකූල පාලන සමය තුළ මෙරට ජනතාව විඳීමට සිදු වූ දුෂ්කරතා හේතුකොටගෙන
ජනතාව නිරිතදිග ප්‍රදේශයට සංක්‍රමණය වීමට හේතු වන්නට ඇතැයි මත ඉදිරිපත් වී තිබේ. එමෙන්ම
පළමුවන පරාක්‍රමබාහු අතින් පරාජයට පත් වූ මානාභරණ සමග සැලකිය යුතු පිරිසක් කල්තියා
රජරට ප්‍රදේශය අතහැර නිරිත ප්‍රදේශයට සංක්‍රමණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. එමෙන්ම ක්‍රි.ව.1886-1215 අතර පොළොන්නරු යුගයේ අවසාන
භාගයේ පැවති දේශපාලන ව්‍යාකූලත්වය හේතුකොටගෙන රජරට ජනතාව නිරිතදිගට සංක්‍රමණය වීම
කෙරෙහි හේතු වන්නට ඇති බවට මත ඉදිරිපත් වී තිබේ. එනම්, 1186-1215 අතර වසර 29ක කාලය තුළ පාලකයන් 15 දෙනෙකු රට පාලනය කර තිබේ. ඒ අතර නිශ්ශංකමල්ල
වසර 09කුත්,කල්‍යාණවතී වසර 06කුත්
පාලනය කළ අතර එම අවුරුදු 15 ඉවත් කළ විට අවුරුදු 14ක පාලකයන් 13න් දෙනෙක් රට
පාලනය කිරීමෙන් පොළොන්නරුවේ අග භාගයේ ඇති වූ දේශපාලන ව්‍යාකූලත්වය පැහැදිලි වේ. ඒ
අනුව තමාගේ ආරක්ෂාව තමාට සපයා ගත නොහැකි දුර්වල පාලකයන් තුළින් ජනතාවගේ අපේක්ෂා
තමන්ට නොලැබීමත් සමඟ ඔවුන් ස්වාභාවික ගිරිදුර්ග,වනදුර්ග,ජලදුර්ගවලින් ආරක්ෂිත
නිරිතදිග ප්‍රදේශයට සංක්‍රමණය විය. කාලිංගමාඝ ලක්දිව තුළ ගෙන යනු ලැබුවේ යුධමය
පාලන ක්‍රමයකි. එවැනි පාලන ක්‍රමයක් තුළින් පරිහානිකර තත්වයට පත්ව පාලන ක්‍රමයක්
ගොඩනැන්විය නොහැකි විය. කාලිංග මාඝ ආක්‍රමණය සමඟ රාජ්‍යත්වයට පත්විය හැකි දේශීය ප්‍රභූවරුන්
කිහිප දෙනෙක් රුහුණ හා නිරිතදිග ප්‍රදේශයට සංක්‍රමණය වී ජනපද ආරම්භ කරනු ලැබීය.
එනම්, බුවනෙකබාහු ආදිපාද ගෝවින්දමලය කඳු ප්‍රදේශයද සුභ නම් සෙන්පතියා යාපහුව කන්ද
ප්‍රදේශයද සංඛ නම් පුද්ගලයා ගන්දෙනිය පර්වතය මුල් කරගෙන වත්මන් මිණිපේ ප්‍රදේශයද
පාලනය කරනු ලැබීය. ඒ අනුව කාලිංගමාඝ අනුගමනය කළ කෲර ප්‍රතිපත්තිය හේතුකොටගෙන රජරට
ඉතිරිව සිටි සිංහල ජනතාවද නිරිතදිගට සංක්‍රමණය වීම සිදුවිය. ඉහළ තොරතුරුවලට අනුව
පරාක්‍රමබාහු රජුගේ විදේශ ප්‍රතිපත්තියත්, වාරිමාර්ග කටයුතු හා පොදු වැඩ කටයුතු
සඳහා රාජ්‍ය සම්පත් අධික ලෙස යොදවනු ලැබීමත් හැරුණු විට තවත් විවිධ හේතු සාධක
රාශියක් පොළොන්නරුව රාජධානිය බිඳවැටීම කෙරෙහි හේතු වූ බව පැහැදිලිය.
No comments:
Post a Comment