රැළි නංවා හිනැහෙන තවත් සයුරක් දුටිමි.
ලංකාවේ නිර්මාණය කර තිබෙන විශිෂ්ටතම වාරි කර්මාන්තය ලෙස සැළකෙන පරාක්‍රම සමුද්‍රය පොළොන්නරුව නගර සීමාවේම පිහිටා තිබේ.
පොළොන්නරු යුගයේ පළවෙනි පරාක්‍රමබාහු රජු කාලයේ නිර්මාණය කළ පරාක්‍රම
සමුද්‍රය පැරණි තෝපා, දුමුතුළු සහ එරබඳු යන වැව් තුන එක් කොට නිර්මාණය කර තිබේ.
පරාක්‍රම සමුද්‍රය වනාහි අක්කර 5350ක භූමි ප්‍රදේශයක් යට වන
පරිදි නිර්මාණය කර තිබෙන අතර එහි වැව් බැම්මේ දිග සැතපුම් 8½ක් පමණ වේ. උස අඩි 40ක් (ගැඹුර) පමණ වේ. එමගින් අස්වැද්දිය හැකි මුළු
භූමි ප්‍රමාණය අක්කර 18 200කි. මහවැලි ගංගාවේ ප්‍රධාන අතු ගංගාවක් වූ අඹන් ගගෙහි
අංගමැඩිල්ල නම් ස්ථානයෙන් වේල්ලක් බැඳ අංගමැඩිල්ල ඇළ ඔස්සේ පරාක්‍රම සමුද්‍රයට ජලය
සපයා තිබේ. එමෙන්ම ගිරිතලේ සිට ඇරඹෙන
ඇළකින්ද පරාක්‍රම සමුද්‍රයට ජලය සපයා තිබේ.
පරාක්‍රම සමුද්‍රය මැදින් පරාක්‍රමබාහු රජු කාලයේ
නිර්මාණය කළ සීතල මාළිගයක නටඹුන් හමු වී තිබේ. එමෙන්ම පරාක්‍රම සමුද්‍රයෙහි
නැගෙනහිර ඉවුරෙන් නිශ්ශංකමල්ලගේ යැයි සැළකෙන
මාළිගයක නටඹුන් සොයාගෙන තිබේ. එමෙන්ම නිශ්ශංකමල්ල රජු කාලයේ නිර්මාණය කර තිබෙන රාජ
සභා මණ්ඩපය පරාක්‍රම සමුද්‍රයෙහි ඉවුර ආශ්‍රිතව නිර්මාණය කර තිබේ. ඈත අතීතයේ සිට
කෘෂිකර්මාන්තයේ , ධීවර කර්මාන්තයේ මෙන්ම ජනතාවගේ අනේකවිධ ජල අවශ්‍යතාවන් සැපිරීමට
මෙම වාරි කර්මාන්තය සමත් වී තිබෙන අතර වර්තමානයේ ද පොළොන්නරුව නගරයෙහි පරිභෝජන ජල
අවශ්‍යතාව සපුරන්නේ මෙම වාරිකර්මාන්තයෙනි. ඒ අනුව පරාක්‍රම සමුද්‍රය ලංකාවේ
විශිෂ්ටතම වාරි කර්මාන්තය ලෙස සැළකීම සාධාරණය.
No comments:
Post a Comment