ඉතිහාස වත සොයා ගවේෂණාත්මක චාරිකා - 03

                                  නාච්චිදූව වැව හෙවත් පත්ත පාෂාණවාපී වැව

                



                                        නාච්චිදූව වැව , පත්පහන් වැව , පත්ත පාෂාණවාපී වැව ආදී නම්වලින් හැඳින්වෙන නාච්චිදූව වැව අනුරාධපුර යුගයේ දෙවැනි මුගලන් රජුගේ රාජ්‍ය අනුග්‍රහය යටතේ ඉදිවී තිබේ. නාච්චිදූව වැව අක්කර 4408ක භූමි ප්‍රදේශයක් යට වන පරිදි නිර්මාණය කර තිබෙන අතර එහි වැව් බැම්මේ දිග සැතපුමක් පමණ වන අතර වැව් බැම්මේ සමහර ස්ථානයක උස අඩි 35 ක් පමණ වේ. එමඟින් අස්වැද්දිය හැකි මුළු භූමි ප්‍රමාණය අක්කර 4200කි. නාච්චිදූව වැව ප්‍රධාන වශයෙන් මල්වතු ඔයෙන් පෝෂණය වේ. නාච්චිදූව වැව පොළොන්නරු යුගයේ පළවෙනි විජයබාහු රජු මෙන්ම පළවෙනි පරාක්‍රමබාහු රජු විසින් ද ප්‍රතිසංස්කරණය කරන ලද බව චූලවංශයේ සඳහන් වී තිබේ. බ්‍රිතාන්‍ය පාලන සමයේ ද  නාච්චිදූව වැව ප්‍රතිසංස්කරණයන්ට ලක්ව තිබේ. ඒ අනුව නාච්චිදූව වැව අතීතයේ සිට වර්තමානය දක්වාම කෘෂිකර්මාන්තය , ධීවර කර්මාන්තය මෙන්ම ජනතාවගේ විවිධ ජල අවශ්‍යතාවන් සැපිරීමට සමත් වූ විශිෂ්ට වාරි කර්මාන්තයක් බව පැහැදිලිය. 

No comments:

Post a Comment

ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග  කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ  ෆොටෝවල හොයනවා මතක  මාවත දිගේ... වල් වැදී ...

නෙත් පැහැරන්නෝ...