යකිනාරං කැඳ බොමු - ප්‍රතිශක්තිය වඩවමු
ලෙඩ දොස් අපි දුරලමු - සවිශක්තිය පෙන්වමු.
යකිනාරංවල වැදගත්කම
සෙම්ප්‍රතිශ්‍යාවට,ඇදුමට,අජීර්ණයට,උණට,ආහාර අරුචියට,සන්ධි ඉදිමුම් සඳහා චර්ම රෝගවලට සහ සර්ප විෂ ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට යකිනාරං ශාකයේ කොළ,පොතු,මුල්,ගෙඩි ආදිය භාවිතා කරයි. විශේෂයෙන්ම යකිනාරං ශාකයට ඇත්තේ සෙම්ප්‍රතිශ්‍යාව, ඇදුම ආදී ස්වසන රෝගවලට එරෙහිව ක්‍රියා කිරීමේ විශේෂ ගුණයකි.
"උඩු දෙහි" නමින් හඳුන්වන සුදු මල් පොකුරුවලින් ඵල ලබා දෙන ඵල ආවරණය පැඟිරි සහිත යකිනාරං ශාකය සිංහල අපට නම් දිව ඔසුවක් බඳුය. ඒ තරමටම එහි අන්තර්ගත ගුණ විශේෂයන් බොහෝය. යකිනාරං ශාකයේ සියලු කොටස් ඔසු ගුණයෙන් යුක්ත වේ.
යකිනාරං කොළ
1.කොළ තැම්බූ වතුර වාෂ්ප හිසට මුහුණට ඇල්ලීමෙන් ශ්වසන අපහසුතා මඟ හරවා ගත හැක.
2.රසවත් කොළ කැඳ පානයකි. එය අක්මාව ආශ්‍රිත රෝග ගණනාවකට ඖෂධයකි.
3.මුහුණේ කොටසක් අකර්මණ්‍ය වන රෝගී තත්ත්වයේදී යකිනාරං කොළ කෙටූ ප්‍රලේපය ආලේප කරයි.
4.චර්ම රෝගවලදී යකිනාරං කොළ තැම්බූ වතුරෙන් සෝදයි.
5.ශරීරයේ ඇතිවන දද සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගනී.
6.කොළ කොටා මිරිකා ලබාගත් යුෂ යොදා සකසා ගත් කැඳ සෙම්ප්‍රතිශ්‍යාවේදී සෙම පැසවීම සඳහා මෙන්ම රුධිරයේ මේදය පාලනය කිරීමට ගුණදායකය.
7.කොළ දුම් ඇල්ලීමෙන් මදුරුවන් පලවා හැරිය හැක.
යකිනාරං ගෙඩි
1.සන්ධි ඉදිමීම, පක්ෂඝාත, අර්දිත ආදියට ගෙඩිවලින් ලබාගන්නා තෙල් ආලේප කරයි.
2.සම්බෝල සඳහා ගෙඩි යුෂ යොදා ගැනීම.
3.විනාකිරි සමග මිශ්‍ර කර රසකාරකයක් සාදා ගැනීම.
4.බලිතොවිල් ගුරුකම් සඳහා යොදාගනු ලබන අතර යාගහෝම ආදියේදී අවශ්‍ය වන පස් පැඟිරි එකතුවට යොදා ගැනීම.
5.පැඟිරි සහිත ගෙඩිවල මෙන්ම යකිනාරං ගෙඩියේ ලෙල්ලද පිළිකා නාශක ගුණයෙන් යුක්ත වේ.
යකිනාරං මුල්
1.මී මැසි සහ බඹර විෂට යකිනාරං මුල් දෙහි ඇඹුලෙන් ගලගා කෑ මුඛයෙහි ගල්වයි.
No comments:
Post a Comment