මෙත් මල් පිබිදේවා...

 

                

පුදසුනක මල් දෝතක් තබා ඔබටත් හැකිනම් මුළු ලෝකයම සුවපත් වේවා!!! යන්න මෙනෙහි කරන්නට ඔබත් මානුෂීය සිතක් ඇත්තෙකි.

මාර්ගයක ගමන් කරන ගිලන්රථ නාදයක් ඇසෙනා විට ඔබටත් හැකි නම් ජාති-ආගම් භේද නොසළකා ඉක්මන් සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරන්නට ඔබත් මානුෂීය සිතක් ඇත්තෙකි. 

තව කෙනෙකුට තමා අතින් යම් හිරිහැරයක් සිදුවීමේදීත්, සිත රිදීමට වචනයක් පැවසීමේදීත් මට ඒ දේ වුනානම් යනුවෙන් සිතා එම පවෙන් වැළකී සිටින්නට ඔබටත් හැකිනම් ඔබත් මානුෂීය සිතක් ඇත්තෙකි.

මොහොතක් සිතා බලන්න. ඔබත් මානුෂීය සිතක් ඇත්තෙක් ද? 

No comments:

Post a Comment

ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග  කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ  ෆොටෝවල හොයනවා මතක  මාවත දිගේ... වල් වැදී ...

නෙත් පැහැරන්නෝ...