කලපු පරිසර පද්ධති
කලපුවක් යනු, කරදිය හා මිරිදිය මිශ්‍ර වූ ගොඩබිම තුළම නෙරාගිය වෙරළාශ්‍රිත පරිසර පද්ධතියකි. කලපු වූ කලී ස්වභාවික ප්‍රාග්ධන සම්පතකි. පරිසර පද්ධති ලෙස සළකන විට කලපු ඉතාමත් සශ්‍රීක ඵලදායි ස්වභාවික නිර්මාණ වන අතර නිවර්තනයන්හි කලපු සමඟ සමානකම් දක්වයි. ඒ අනුව ජෛව විවිධත්වය හා පරිසර පද්ධති සේවා අතින්ද ශ්‍රී ලංකාවේ කලපු වැදගත් වේ. කලපුවක් සාමාන්‍යයෙන් වැලි වැටියක් මගින් මුහුදෙන් වෙන්ව පවතී. සාපේක්ෂ වශයෙන් කුඩා ජල මාර්ග සහ ප්‍රධාන ගංගා කලපුවට සම්බන්ධ වේ.
කලපු ආශ්‍රිත සේවා
1.සංක්‍රමණික දුර්ලභ පක්ෂීන්ට වාසභූමි සැපයීම හා ඒවා ආරක්ෂා කිරීම.
2.කඩොලාන පැවැත්ම සහ ඒවා ඉදි කිරීම් කටයුතු සඳහා සුදුසු වීම.
3.ඊසාන දිග මෝසම් සුළඟ හා එම වර්ෂාපතනයට කෙළින්ම මුහුණ දීම.
4.ජෛව විවිධත්වය අතින් ඉහළ අගයක් ගැනීම සහ සරුශාක විවිධත්වයක් පැවතීම.
5.සුපෝෂක ක්‍රියාවලිය සිදු කිරීම.
6.සාගර ධීවර යාත්‍රා නැංගුරම් දැමීම සඳහා ඉඩක් ලබා දීම සහ සමුද්‍ර ධීවර මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීම.
7.කලපුවේ ඇති කඩොලාන මත්ස්‍ය ආහාර උත්පාදනය කිරීම, කඩොලාන මූල පද්ධතිය මගින් අපවිත්‍ර දෑ උරාගෙන ජලය පිරිසිදු කිරීමට ක්‍රියා කිරීම සහ සමුද්‍ර ඛාදනය අඩු කිරීම.
8.ආවේණික ශාක හා සත්ත්ව විශේෂ සඳහා වාසස්ථාන සැපයීම සහ ආහාර සැපයීම.
9.කලපු ආශ්‍රිතව ඇති මඩ තැනි වඩදිය අවස්ථාවේදී කලපු මත්ස්‍යයින්ට ආහාර සපයන ස්ථානයක් නිර්මාණය කර දීම.
No comments:
Post a Comment