දැනගමු - සුරකිමු මිරිදිය ජලය

 

මිරිදිය ජලය


            මිරිදිය පරිසර පද්ධති යනු
, අඩු ලුණු සහිත ජලය සහ වනජීවීන් හා ජීවීන් අතර අන්තර් ක්‍රියා සිදුවන පරිසරයයි. මිරිදිය පරිසර පද්ධති පෘථීවියෙහි සම්පූර්ණ වර්ගඵලයෙන් 0.8% ක ප්‍රමාණයක් ආවරණය කරන අතර එය පෘථිවියේ සියලුම ජල ප්‍රමාණයෙන් 0.009% ක් වේ. ඒවා මගින් ආසන්න වශයෙන් 3%ක් වූ ශුද්ධ ප්‍රාථමික නිෂ්පාදනයක් සැපයේ. මෙම මිරිදිය පරිසර පද්ධතිවල ලොව පුරා මෙතෙක් හඳුනාගෙන ඇති මත්ස්‍ය විශේෂවලින් 41%ක් ජීවත් වේ.

 

            මිරිදිය ආශ්‍රිත සේවාවන්
1.පානීය ජල අවශ්‍යතාව සැපිරීම.
2.මත්ස්‍ය වාසස්ථාන සැපයීම.
3.ආවේණික ශාක වර්ග සඳහා වාසස්ථාන සැපයීම.
4.විවිධ ජෛව විවිධත්වයක් සැපයීම.
5.ආවේණික සතුන් විශේෂ (ඉස්සන්) සදහා වාසස්ථාන
සැපයීම.

6.කෘෂිකර්මාන්තයට ජලය සැපයීම. 

 

             මිරිදිය ආශ්‍රිත ප්‍රතිලාභ
1. ඉස්සන් වගාව කර්මාන්තයක් ලෙස සිදු කළ හැකි වීම.
2.ආහාර සඳහා මත්ස්‍ය සම්පත ලබා දීම.
3.ධීවර කර්මාන්තය තුළින් රටේ ආර්ථිකය දියුණු කිරීම.
4.ධීවර කර්මාන්තය ආශ්‍රිතව විශාල ජන සංඛ්‍යාවකට රැකියා
සැපයීම.
5.සංචාරක කර්මාන්තයට යොදා ගැනීම.

6.බෝග වගාවට මෙන්ම උළු හා ගඩොල් කර්මාන්තය සදහා පස්

   ලබා ගත හැකි වීම.


                              











ඉස්සන් වගාව  මිරිදිය පරිසර පද්ධතියෙන් ලැබෙන ප්‍රධාන  ප්‍රතිලාභයකි.


                                    
ලංකාවේදී දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉහළ ඉල්ලුමක් ඇති අතර දැනට ඇමරිකාව,යුරෝපය වැනි රටවලට ද අපනයනය කරන ඉස්සන් වගාව මුදල් උපයා ගැනීමේ කර්මාන්තයක් වී ඇත.

ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීම උදෙසා මිරිදිය ඉස්සන් වගාව භාවිතා කිරීමට හේතු

1.ලංකාවේ ආවේණික ජල ජීවී විශේෂයක් බැවින් ස්වභාවික ඇළ දොළවල    පවා දක්නට ලැබේ.

2.ජලාශවල මෙන් ම මිරිදිය පොකුණුවල වගා කළ හැකි වීම.

3.වැඩි වර්ධන වේගයක් පැවතීම.

4.ජලයේ ලවණතාවය හා උෂ්ණත්ව පරාසයන්ට හොඳින් ඔරොත්තු දීම.

5.මිරිදිය ඉස්සන් වගාවේ ලෙඩ රෝග අඩු වීම.

6.මිරිදිය ජලය පරිසර හිතකාමි ලෙස වගා කළ හැකි වීම.

7.බෝ කිරීම මගින් පැටවුන් ලබා ගැනීමේ පහසුව.

8.වෙළඳපල ඉල්ලුම ඇති බැවින් ඉහළ මිලක් ලබා ගත හැකිවීම.






















 

දැනගමු - සුරකිමු තෙත්බිම්

තෙත්බිම්

          තෙත්බිම් යනු, බාදිය මට්ටමේ සිට 6mට අඩු මුහුදු ප්‍රදේශය ද ඇතුළත්ව ගලා යන හෝ නිශ්චලව පවතින්නා වූ මිරිදිය,කිවුල් දිය හෝ ලවණ දියෙන් තාවකාලිකව හෝ ස්ථීරව යටවී ඇති ස්වභාවික හෝ කෘතිම වගුරුබිම්,විල්ලු,ජලාශ හෝ ජල මාර්ග,ඇල ඉඩම් සහ පිහිටි ඉඩම් වේ.
                                                                                                                                                                                  - රැම්සා සම්මුතිය -


         තෙත්බිම් ජෛව විවිධත්වයෙන් අනූන වූ පරිසර පද්ධතියකි. කෘෂිකාර්මික ධීවර හා නාවික කටයුතුවලට යොදා ගැනීමත් ජලපෝෂක පද්ධති වීමත්
,සමහර තෙත්බිම් ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුක්ත වීමත්,භූ දර්ශනීයභාවයත්,පක්ෂි,උරග,ක්ෂීරපායි,මත්ස්‍ය, කෘමීන් වැනි කාණ්ඩවල විශාල සත්ව විශේෂ පැවතෙමින් ඉහළ ජෛව විවිධත්වයෙන් යුක්ත වීමත් හා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ආවේණික මෙන්ම ඒකදේශික සත්ව හා ශාක විශේෂ බහුලවීමත් හේතුකොටගෙන තෙත්බිම් පරිසර පද්ධති සුවිශේෂී වැදගත්කමකින් යුක්ත වේ. ගෝලීය ආර්ථිකය තුළ වටිනා පරිසර පද්ධතියක් ලෙස තෙත්බිම්වලින් සපයන සේවාවල වටිනාකම වර්ෂයකට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 47ක් වන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවල සඳහන් වේ. 2018 වර්ෂයේ රැම්සා සම්මුතිය විසින් ශ්‍රී ලංකාවේ අග නගරය වූ කොළඹ ලොව ප්‍රථම තෙත්බිම් නගරය ලෙස නම් කර ඇත.  පරිසරවේදීන්ට අනුව ලෝකයේ පවතින සියලුම පරිසර පද්ධතීන් අතරින් වැඩිම ක්‍රියාකාරීත්වයක් දක්වන පරිසර පද්ධතිය වන්නේ තෙත්බිම් පරිසර පද්ධතියයි. එමෙන්ම තෙත්බිමක් යනු ස්වභාවික පරිසරයේ ම ඇති කාර්යක්ෂම ජල පිරිපහදු ක්‍රමයකි. ලංකාවේ තෙත්බිම් සංචාරක කුරුල්ලන්ගේ පාරාදීසයක් බඳුය. 


                      තෙත්බිම් ආශ්‍රිත සේවාවන්
1.සීමිත සම්පතක් වන ජලය සුරක්ෂිතතාව

2.ජලය ගබඩා කර පිරිසිදු කිරීම.
3. ස්වභාවික දූෂක පෙරහනක් ලෙස ක්‍රියා 
කරමින් අපට සුරක්ෂිතව

   ප්‍රයෝජනයට ගත හැකි මිරිදිය ජලය සපයා දීම.

4.ජලජ ජීවින්ගේ වර්ධනයට හා අපගේ ආහාර නිෂ්පාදනයට දායක වීම.

5.පරිසර සමතුලිතතාවය ආරක්ෂා කිරීම.
6.ගංවතුර පාලනය කිරීම. (තෙත්බිම් ජලය 
බොහෝ කාලයක් රඳවා තබා

  වියළි කාලයේදී ක්‍රමයෙන් මුදාහරී.) 

7.කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීමෙන් ගෝලීය උෂ්ණත්වය

  ඉහළ යාම පාලනය කිරීම.


                         තෙත්බිම් ආශ්‍රිත ප්‍රතිලාභ
1.ජලය සැපයීම හා ප්‍රවාහනය (ගෘහ කටයුතු සඳහා,වාරිමාර්ග කටයුතු

   සඳහා)

   උදා: ලබුගම,කලටුවාව,මින්නේරිය වැව

2.කෘෂිකාර්මික නිෂ්පාදන (සහල් )

3.ආයුර්වේද බෙහෙත් ලබා ගැනීම.

   උදා: ලුනුවරණ ආයුර්වේද ඔසුව

4.අත් නිපැයුම් සහ පැදුරු ආදියට අමුද්‍රව්‍ය සැපයීම.

   උදා: කදුරු,පන්කොළ

5.ජලවිදුලිය නිපදවීම.

   උදා: වික්ටෝරියා,රන්දෙණිගල,රන්ටැඹේ

6.මත්ස්‍ය නිෂ්පාදනය

7.ආගමික කටයුතු සඳහා මල් විශේෂ ලබා ගැනීම.

   උදා: ඕලු,නෙලුම්,මානෙල්

8.සංචාරක ව්‍යාපාරයට යොදා ගැනීම.

   උදා: බුන්දල තෙත්බිම

9.මාලු විශේෂ සහ ශාක ආදිය යොදා කරන විසිතුරු භාණ්ඩ සහ

   ආභරණ නිෂ්පාදන කිරීම.

   උදා: සිප්පි මාල,බෙල්ලන් ආශ්‍රිත භාණ්ඩ



                       

  















 

 


ඉතිහාස වත සොයා ගවේෂණාත්මක චාරිකා... 01

ධාතුසේන රජු නිර්මාණය කළ කඩවර දෙවි රකින කලා වැව 

                   අනුරාධපුර යුගයෙහි ක්‍රිස්තු වර්ෂ 5 වන ශත වර්ෂයේ ධාතුසේන රජු කල ඉදි වූ විශිෂ්ට වාරි කර්මාන්තයක් වන කලා වැව කැකිරාව ආසන්නයේ පිහිටා තිබේ. එය අක්කර 6380ක භූමි ප්‍රදේශයක් යට වන පරිදි නිර්මාණය කර තිබෙන අතර එහි වැව් බැම්මේ දිග සැතපුම් 3 3/4ක් වන අතර එමගින් අස්වැද්දිය හැකි මුළු භූමි ප්‍රමාණය අක්කර 7000කි. කලාවැව ප්‍රධාන වශයෙන් කලාඔයෙන් පෝෂණය වේ. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවස පමණ වන විට අනුරාධපුර නගරයේ ජනගහනය වැඩිවීමත් සමග එම වැඩි වූ  ජනගහනයට අවශ්‍ය ජල අවශ්‍යතාව සැපිරීම උදෙසා දේවානම්පියතිස්ස රජු අනුරාධපුර නගර ආසන්නයේ ඉදිකර තිබුණු තිසාවැව විශාල කිරීමෙන් පමණක් සෑහීමකට පත් නොවී කලා වැවේ සිට තිසා වැවට ජලය ගෙන යාම සඳහා සැතපුම් 54 ක දිගින් යුක්ත වූ ජය ගග හෙවත්  යෝධ ඇළ නිර්මාණය කරන ලදී. ජය ගඟ මඟින් ජලය සැපයීම සිදු වුයේ තිසා බවට පමණක් නොවන අතර කලාවත් තිසා වැවත් අතර පැවති සියලුම ජල මාර්ග ජලයෙන් පෝෂණය කරන ලදී. එනම්, වර්ග සැතපුම් 180 ක භූමි ප්‍රදේශයකට එමගින් ජලය සපයන ලදි. එහෙයින් කලා වැව පුළුල් ප්‍රදේශයක් සංවර්ධනය කිරීමට සමත් වූ විශිෂ්ට වාරි කර්මාන්තයක් බව පැහැදිලිය. ධාතුසේන රජු කර නිර්මාණය කර ඇති අවුකන විහාරය ද කලා වැව ආසන්නයේ පිහිටා තිබේ.

                          අනුරාධපුර යුගයේ අගභාගයේ දී දෙවන මහින්ද රජු විසින් කලා වැවේ වැව් බැම්ම ශක්තිමත් කර බැන්ද වූ බව චූලවංශයේ සඳහන් වේ. එමෙන්ම පොළොන්නරු යුගයේ පළවෙනි පරාක්‍රමබාහු රජ කල කලා වැව ප්‍රතිසංස්කරණය කළ බව චූලවංශයේ සඳහන් වේ. එමෙන්ම බ්‍රිතාන්‍ය පාලන සමයේදී වෙස් රිජ්වේ ආණ්ඩුකාරවරයා යටතේ කලා වැව ප්‍රතිසංස්කරණය  කරනු ලැබූ බව සඳහන් වේ. ඒ අනුව දුරාතීතයේ සිට වර්තමානය දක්වා කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය ආදියේ දී මෙන්ම ජනතාවගේ විවිධ ජල අවශ්‍යතාවන් සපුරමින් ක්‍රියා කළ විශිෂ්ට වාරි කර්මාන්තයක් වශයෙන් කලාවැව සැළකීම සාධාරණය.

පිනක මහිමය...

                                   ශ්‍රී ලංකාව යනු, ජෛව විවිධත්වයෙන් අනූන සොඳුරු පාරාදීසයකි. එවැනි පින්බිමක ධාතූන් වහන්සේලා තම පිට මතින් ආඩම්බර ලීලාවෙන් වඩම්මන්නට වාසනා මහිමය ඇත්තේ මංගල කුලයේ හස්ති රාජයෙකුට පමණි. වර්තමානයේ දී මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහා පෙරහැරෙහි ප්‍රධාන කරඬුව වඩම්මන්නේ නැදුන්ගමුවේ  රාජා ය.

                                                           












ජපන් - ලංකා පෙමක් අකැපද?

  මිදොරියේ විවර වූ දොරගුළු

 තුළින් සුළඟක් ලෙසට සපැමිණි 

 ඇතුළු හද ගැබ අඳුරු අහුමුළු

 එළිය කළ මිණි පහන ඔබමය


 කබුකි බැලුමට ඔබත් සමගින්

 නික්ම ගිය සැන්දෑව මතකද

 ප්‍රිය සබඳ ඒ නවමු ගමනක

 ඇරඹුමක් යැයි ඔබත් හිතුවද 


යකුදා සං ඕකතා සං

 කෙසේනම් පුරවම්ද ඔබෙ තැන

 සුපුන් සඳකින් ලැබෙන රශ්මිය

 හැකිවේද තරුවකින් ලැබුමට 


හමුවුණොත් වෙන්වෙන්න වෙනවද

 ආදරෙන් උපදින්නේ දුකමද 

ජපන්-ලංකා පෙමක් අකැපද

ආයෙමත් මෙහි එන්නේ කවදද?


                               (උපුටා ගැනීමකි.)


හුස්ම


                                හුස්ම ඉල්ලා ඉල්ලීම් කරන්නට අපි තරම් ඒ අහිංසක හිත් දන්නේ නැත. සොබාදහමට මිනිසාට වඩා සමීප ඔවුන්ය. කපා දමන ගසකට එක පැළ දහයක් සිටවන්නේ නම් යම්තාක් දුරකට අපට මෙම ව්‍යසනයෙන් බේරෙන්නට හැකිය.

දැනගමු - සුරකිමු කඩොලාන ...

  කඩොලාන යනු, බීජ දරන අතිශය විශේෂණය වූ පඳුරු වල සිට උස් ගස් දක්වා ප්‍රමාණයෙන් වෙනස් වන ශාක වේ. මේවා සාමාන්‍යයෙන් ආවරණය සහිත මුහුදු තීරයේ මෝය සහ කලපු ආශ්‍රිතව දක්නට ලැබේ. කඩොලාන සෞම්‍ය කලාපීය රටවල අන්තර් උදම් කලාපය තුළ දක්නට ලැබෙන විශේෂිත ශාක ප්‍රජාවකි. පුළුල්ව ව්‍යාප්තව ඇත්තේ ඝර්ම කලාපීය රටවල මුහුදු ප්‍රදේශවල,කලපු සහ බෝක්කු ආශ්‍රිතවය. ශ්‍රී ලංකාවේ මුළු කඩොලාන ප්‍රමාණය හෙක්ටයාර් 12500ක් පමණ වේ. ලොව පුරා ඇති සත්‍ය කඩොලාන විශේෂයන් 54න් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන්නේ කඩොලාන විශේෂයෙන් 26ක් පමණි. ඒවා සත්‍ය කඩොලාන 14ක් සහ ආශ්‍රිත කඩොලාන 12ක් වශයෙන් හඳුනාගෙන තිබේ.

 කඩොලාන ආශ්‍රිත ප්‍රතිලාභ

1. බොහෝ මසුන්,ඉස්සන්, කකුළුවන් වැනි සත්ත්ව විශේෂවල ලාබාල අවධි ගත කරන ස්ථාන මෙන්ම අභිජනන ස්ථානයක් වීම.

2. ධීවර කර්මාන්තය සඳහා මසුන් බහුල ස්ථානයක් වීම හා මත්ස්‍ය උගුල් ලබා ගත හැකි ස්ථානයක් වීම.

3. මාලු දැල් සඳහා සායම් ද ඔරු සඳහා දැව ද මෙම පරිසරයෙන් ලබා ගත හැක.

4. කඩොලාන ශාක ඉන්ධන, දැව පොහොර හා ඖෂධ ලෙස ද යොදා ගත හැක.

5. පරිභෝජනය සඳහා කැරන් කොකු ද පැදුරු හා කූඩා විවීමට පන් වර්ග ද සපයා ගත හැකි වීම.

  කඩොලාන ආශ්‍රිත සේවාවන්

1. කඩොලාන ශාක මඟින් පත්‍ර හා අනෙකුත් ශාක කොටස් ලෙස කාබනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පරිසරයට එකතු කිරීම.

2. මෙම පරිසර පද්ධතිය මගින් ජීවීන් විශාල සංඛ්‍යාවකට ආහාර සැපයීම.

3. වෙරළාසන්න ප්‍රදේශවලින් මුහුදට එකතු වන දූෂිත ජලය රඳවා තබා ගනිමින් ඒවායේ විෂ බව පහත හෙළීම මගින් පරිසර දූෂණය අවම කිරීමට දායක වීම.

4. මෝය හා ඉවුරු ඛාදනය වැළැක්වීම.

5. ශාක හා සත්ත්ව විවිධත්වය හේතුවෙන්  ජීව විද්‍යාව හදාරන්නන්ට කඩොලාන පරිසරය එළිමහන් විද්‍යාගාරයක් වීම.

6. ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට හා ජාන සම්පත  ආරක්ෂා කිරීමට මෙන්ම පාරිසරික සංචරණය  හා පක්ෂීන් නිරීක්ෂණය කළ හැකි ස්ථානයක් ලෙස දායකත්වයක් සැපයීම.







ඇයත් මවකි දරුවන් රකිනා..


               දරුවන් කුසෙහි තබාගෙන පෝෂණය කරන්නට බෙහෙත් පෙති අහුරු පිටින් ගිලිනා ලෝකයක, කිසිදු සුවපහසුවකින් තොරව, ගෙයක් පාසා ඇවිද ගොස් ඉඳුල් කමින්, සීතලත් හිරු  රශ්මියත් එක සේ දරා ගත් ඇයත් මවකි දරුවන් රකිනා.

 

ආරම්භය සහ අවසානය එකවර එකට දකින්න එන්න

කළුතර







අන්නාසි ගැට රසයි ද අම්මේ???

 


අන්නාසි ගැට රස බවක් 

දැනුණානේ මට අම්මේ

දරාගන්න බැරි කදුලක්

ඉනුවානේ හිත අස්සේ 

අනිනකොට කතුරක් පිම්මේ

ඒක මට ගොඩක් රිදුනා අම්මේ....


නොදැනුවත්කමට අම්මේ 

නුඹේ කුස සැරසුවේ මං

අහන්නට පිනක් නෑනේ

නැළවිලි ගී ඔබෙන් අම්මේ

මුලාවත් රැවටුමත් අභියස 

පරාදයි හැමදේම අම්මේ....


එපා සුසුමන් මාව මැරුවට 

කිසිම දවසක ඔබෙන් අම්මේ

හිතුවෙ නෑ මං හීනෙකින්වත් 

මෙහෙම වෙයි කියලා...

යන්න එපා ආයෙමත් දවසක 

දැන දැනම කෙනෙකුගේ මසට....


පුතු පැටියෙක් ඉන්නා බව දැනුනාම 

පිච්චුනාද ඔය හදවත අම්මේ

ඉතිං  යන්නට කලියෙන්ම

අහන්නම් එක දෙයක්  අම්මේ

ආදරෙන් කෙනෙක් දවසක  අත ගත්තාම

ඉඩ දෙනව ද පුරවන්නට ඔය කුසම....???











වැලිකඩට ලියුමක් 😔😔

 හංකෑලි ඇමිනිච්ච තැන් ගොඩක් තිබුණා

කෑලිවෙච්ච බත් මුට්ටියේ...

සුදු පිච්ච රතු පිච්ච වෙලා තිබුණා බුදුගෙයි

තනිවෙච්ච මල් වට්ටියේ...


හැංගිච්ච මහ දුක් ගොඩක් තිබුණා කදුලෙන්

තෙමිච්ච කවිච්චියේ...

අම්මාගේ හුස්ම පිච්චුවේ 

මොන හිතකින්ද අප්පච්චියේ....


වේදනා කන්දරාවක් තිබිච්ච ඒ පපුව නැවති නැවති

ගැහිච්ච...

රිදුම් මත්තෙම නැහිච්ච තැනක් පෙන්නුවේ නෑ

තැනක් පැලිච්ච...

කදුලු පිහ පිහා හැලිච්ච කතාවක් කියන්නද 

ඇහිච්ච...

ඕකා ඔය මට තලන්නේ හිතේ දුකට මතක් උනාම

ඒකගේ කලින් ගෑනි මැරිච්ච ...

" දන්නවද අප්පච්චි මොහොතක් තිබ්බේ නෑ ඒකි

මයෙ අම්මා නෙවෙයි කියලා දැනිච්ච "

ඇගේ ඇටකටු  පුරෝලයි ලිපට ගිනි ලෑවේ

හදවත උනත් උයලා දෙයි ඒකි වතුර විතරයි බඩට 

දෑවේ...

ඇයි තේරුම් ගන්න බැරි තරම් බීවේ

ඇයි අප්පච්චි එදා කලියෙන් නාවේ...

" අම්මා නෙවෙයි මමයි අප්පච්චිට හංගපු බත් ඩිංග

කෑවේ "

                                (උපුටා ගැනීමකි)


 












මුලා වී සිත...

 ජීවිතේ යනු කුමක්දැයි නොදැන 

මේ ගෙවන්නේ කරුමයක් ද 

දන්නේ ද මා සිත පමණි...

දරාගනු බැරිම තරමට 

හඩන්නේ ද මා සිත පමණි....

මුලාවක් බව දැන දැනත් තව

මුලාවන්නේ ද මා සිත පමණි...

නික්ම යන්නට සිතේ දැන් මට

සිතක මායම් නොදැක ඉන්නට...

 ඒ හැකි නොහැකි බව ද 

දන්නේ ද මා සිතම පමණි....



කොරෝනා බලපෑමෙන් වියැකෙන සංචාරක කර්මාන්තය හා එහි වැදගත්කම

 

                                              දීර්ඝ කාලයක පටන් අපේ රට පිටරැටියන් ගේ අවධානයට ආකර්ෂණයට ලක් වූයේ ය. නාවික වෙළෙඳ මාර්ගයකට යාබදව පිහිටා තිබීමත් , සෞම්‍ය දේශගුණය , සොඳුරු පරිසරය සහ ලක් පොළොවින්  උපදනා දුර්ලභ මහාර්ඝ සම්පත් ද ඊට හේතු විය.  දිවයින වටා පිහිටි මාන්තොට , පුත්තලම , කොළඹ , ගාල්ල , සහ දෙවුන්දර වැනි තොටමුණු ආශ්‍රිතව ගොඩනැගුණු නගර වෙළඳ මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක විය. මේ පිළිබඳව තොරතුරු රැසක් වෙළෙන්දන්ගෙන් හා දේශාටකයන්ගේ වාර්තාවලින් හෙළිදරව් වේ. වෙළඳාම අරමුණු කරගනිමින් සේම වන්දනා කටයුතු සඳහා හුදෙක් සංචාරයම ද අරමුණු කර ගනිමින් විදේශිකයන්ගේ ආගමන සිදුව ඇත. සීගිරිය , අනුරාධපුරය , පොළොන්නරුව වැනි ලෝක උරුම පමණක් නොව පාසිකුඩා , නිලාවේලි වැනි මනරම් වෙරළ තීර ද ස්වභාවධර්මයේ ආශ්චර්යයන්ගෙන් සමන්විතව පරිපූර්ණ වූ ස්වාභාවික වැසි වනාන්තර සහ ඉතා මිත්‍රශීලී ආගන්තුක සත්කාරයට යොමු වූ ජන සමූහයකින් ද සමන්විත ශ්‍රී ලංකාව දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය කර ගන්නා සංචාරක පාරාදීසයකි. විදේශ විනිමය උපදවන ප්‍රධාන ප්‍රභවයක් වශයෙන් සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු වර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබා දෙයි. ජාත්‍යන්තර වශයෙන්ද ගත්කළ සංචාරක කර්මාන්තය ලෝකයේ විශාලතම සහ වේගයෙන් දියුණු වන කර්මාන්තයක් බවට පිළිගෙන හමාරය. මෙවන් වැදගත්කමක් පවතින සංචාරක කර්මාන්තයක් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ලබා දෙන්නේ කියා නිම කළ නොහැකි අද්විතීය දායකත්වයකි. එමෙන්ම සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම විදේශ විනිමය උත්පාදන මාර්ගයයි. එය දෙවැනි වන්නේ විදේශ රැකියා සහ ඇඟලුම් කර්මාන්තයට පමණි. සංචාරක කර්මාන්තය අතීතයේ සිට පැවතුන ද වර්තමාන ලෝකයේ එය වඩාත් සංකීර්ණ වී ඇත.  නව තාක්ෂණය , ගෝලීයකරණය වැනි සාධක මත එය තවත් ඉදිරියට යන කර්මාන්තයක් බවට පත්ව ඇත. ලෝක ආර්ථිකයේ සීයට අටක් පමණ වන ලොව විශාලතම රැකියා උත්පාදන කර්මාන්තය මෙන්ම ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වන ව්‍යාපාරයක් ලෙස හා ලොව විවිධ රටවල විදේශ විනිමය වැඩි වශයෙන් උත්පාදනය කරන ලෝකයේ රටවල් 83%ක් හොඳම විදේශ ආදායම් කාණ්ඩවලින් එකක් ලෙස මෙම සංචාරක කර්මාන්තය හඳුනාගෙන තිබේ. සංචාරක කර්මාන්තය පරිසරය තුළ රඳා පවතින අතර පරිසරය ආරක්ෂා කිරීම සංචාරක කර්මාන්තයේ සදාචාරාත්මක වගකීමකි. විශේෂයෙන්ම සංවර්ධිත රටවල සංචාරක කර්මාන්තය ප්‍රධාන වශයෙන්ම ආර්ථික බලපෑමක් ඇති කරනු ලබන සමාජයීය ක්‍රියාවලියකි. ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳවත් එහිදී ලැබුණු ආර්ථික ප්‍රතිලාභ පිළිබඳවත් අවධානය යොමු කිරීමේ දී ලංකාව සංචාරකයින්ගේ නෙත් ඇද බැඳ තබා ගැනීමට සමත් සුන්දර දිවයිනක් බව එදා මෙදා තුර ලියැවුණු වාර්තාවන්ට අනුව පෙනී යයි. පාස්කු ප්‍රහාරයේ ගැටලුකාරී තත්ත්වය හේතුකොටගෙන ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය අඩු විය. නමුත් එය ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබියදී කොරෝනා බලපෑමෙන් එය තවත් පහළට වැටුණි. මෙම ගැටලුකාරී අවස්ථාවන් නිර්මාණය වීමට පෙර සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ තම අවශ්‍යතා ඉටුකර ගනිමින් උපරිම තෘප්තියක් හා විනෝදයක් ලබා ගනිමින් දිවයින පුරා සංචාරයේ නිරත වුණි. වර්තමානය වන විට වර්ග කිලෝමීටර් 65610 ක ට වඩා වැඩි භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති විවිධ භූ විෂමතා හා දේශගුණික තත්ත්වයන් , කෙටි කාල සීමාවක් තුළ දී ළඟා විය හැකි ස්වභාවික මෙන්ම මිනිසා විසින් නිර්මාණය කරන ලද සංචාරක කලාප වලින් අනූන භූමි භාගයක් ලෙස ලංකාව හඳුන්වා දීමට හැකි ය. එමෙන්ම ලංකාව යනු සංචාරක ආකර්ෂණය ලබා ගැනීමට සමත් සෑම සම්පතකින්ම අනූන රටක් බව පිළිගැනීමට සිදු වේ.

 සංචාරක කර්මාන්තයේ වැදගත්කම

                               සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට මෙන්ම සමාජීය හා සංස්කෘතික වශයෙන් ද පාරිසරික වශයෙන් ද දැඩි බලපෑම් එල්ල කරන අංශයක් බවට පත් වී තිබේ. දුරාතීතයේ පටන් ශ්‍රී ලංකාවට උරුම වූ භෞතික හා මානව ජන පදනම සංචාරක කර්මාන්තයේ වර්ධනයට ඉවහල්ව ඇත. එමෙන්ම විවිධ වර්ගයේ සංචාරක අවස්ථා සැපයෙන රටක් වශයෙනුත් නිවාඩු අවස්ථාවන් සපයන සංචාරක රටක් වශයෙනුත් ශ්‍රී ලංකාව වැදගත් වේ. ආදායම් උත්පාදනය හා නිෂ්පාදනයේ වෘද්ධිය  , ගෙවුම් ශේෂය කෙරෙහි ඇති කරන යහපත් බලපෑම සහ සේවා නියුක්තිය අවස්ථා බිහි කිරීමේ මාධ්‍යයක් වීම යනාදී සංචාරක ව්‍යාපාරයේ ඇති ශක්‍යතා හේතුවෙන් විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් එය කර්මාන්තයක් වශයෙන් හඳුනාගෙන ඇත. විදේශ විනිමය ජනනය කිරීම මගින් විදේශ සංචිත ශක්තිමත් කිරීමට දායක වීම සංවර්ධනය වෙමින් පවතින රටවල් විෂයෙහි සංචාරක කර්මාන්තයේ සුවිශේෂී කාර්යයක් වේ. සංවර්ධනය වෙමින් පවත්නා බොහෝ රටවල දළ දේශීය නිෂ්පාදිතයෙන් ඉහළ ප්‍රතිශතයකට දායක වන්නේ සංචාරක කර්මාන්තයයි. දේශීය සංචරණය විශේෂයෙන්ම සංවර්ධිත රටවල සේවා නියුක්ති අවස්ථා සම්පාදනයේ දී හා දේශීය වටිනාකම් දාමයේ දී වැදගත් වුව ද විදේශ විනිමය ජනනය කිරීමේ හා දැනුම සහ ප්‍රාග්ධන හුවමාරුවට අදාල අවස්ථා සම්පාදන ධාරිතාව සැලකිල්ලට ගත් විට ආර්ථික සංවර්ධන ශක්‍යතාව රඳා පවතින්නේ ජාත්‍යන්තර සංචරණය මත ය. සංචාරක කර්මාන්තය රටක සමාජ ආර්ථික ක්‍රියාවලියට ධනාත්මක ප්‍රතිඵල ජනිත කරන්නා වූ වැදගත් ක්‍රියාවලියකි. රටක ආර්ථික වර්ධනයේ හා සංවර්ධනයේ දී ජාත්‍යන්තර සංචරණය පමණක් නොව දේශීය සංචරණය ද දායකත්වය සපයයි. කෙසේ වුවද ජාත්‍යන්තර සංචරණය හා සම්බන්ධ වෙළෙඳපොළ එහි පෙර හා පසු සම්බන්ධතා යන ආදිය සැලකිල්ලට ගත් විට දේශීය සංචරණය ට සාපේක්ෂව ආර්ථික වර්ධනයේ හා සංවර්ධනයේ දී ජාත්‍යන්තර සංචරණයට වැඩි වැදගත්කමක් හිමි වන්නේ යැයි සැලකීම සාධාරණය. මේ අනුව සංවර්ධනය වෙමින් පවත්නා රටවල ආර්ථික වෘද්ධි උපායමාර්ග හා අපේක්ෂා වලදී සංචාරක කර්මාන්තයට විශාල වැදගත්කමක් හිමි වේ.


                                                                           (උපුටා ගත් කරුණු ඇතුළත්ය. )


 

මිහිලියෙන් ජීවය ලද්දෝ...

 

    
















ගෙවී ගිය සිව් වසර...

ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග  කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ  ෆොටෝවල හොයනවා මතක  මාවත දිගේ... වල් වැදී ...

නෙත් පැහැරන්නෝ...