සත්පත්තිනි පුරාණ පුදබිම - නවගමුව
දවසක දිනනවා මං...
රැයක් දවාලක් වෙනසක් නොමැතිව
වෙහෙසුණු දවස්නම් අපමණය..
කුසට අහරක් නොමැතිව
ගෙවුණු තැන් අපමණය...
නෙතට නින්දක් නොමැතිව
අකුරු කළ දවස් අපමණය...
නමුත් දවසක දිනනවා මං
දැනෙන සතුට එමටය...
මගේ රට අද අනතුරක ඇත්තේ...
භූගෝලීය තොරතුරු පද්ධති භාවිතය...
විවිධ ක්ෂේත්‍ර සඳහා GISවල වැදගත්කම
GIS පද්ධතියෙහි ඇති වැදගත්කම හේතුවෙන්ම වර්තමානයේදී භූගෝලීය තොරතුරු පද්ධති භාවිතය සෑම අංශයක් තුළම පාහේ හඳුනාගත හැකිය.
පුළුල් වශයෙන් සැළකීමේදී ව්‍යාපාරික, අධ්‍යාපනික හා පාරිසරික කටයුතු මෙන්ම කළමනාකරණය,වනජීවී අධ්‍යනයන් වැනි අංශයන්හි භාවිතයට ගනු ලැබේ. එක් එක් අංශයන් සඳහා GIS ඇති වැදගත්කම පහත තොරතුරු ඇසුරින් පැහැදිලි වේ.
ව්‍යාපාරික ක්ෂේත්‍රය
1.යෝග්‍යතම පිහිටීම හඳුනාගැනීම.
(ගබඩා සහ වෙළඳසැල් සඳහා)
2.කෙටිම මාර්ග ජාල විශ්ලේෂණය (Pizza වැනි ආහාර ඉතා කෙටි කාලයකින් පාරිභෝගිකයා වෙත සැපයීම සඳහා)
3.ව්‍යාපාරික ක්ෂේත්‍රය පිළිබඳ අධ්‍යයනය
4.දේපල අලෙවිකරුවන්ට ඉතා ඉක්මනින් ප්‍රදේශයේ පිහිටීම,මාධ්‍ය ජාලය,යටිතල පහසුකම්,ඉඩම්වල සීමාවන්,සීමාව ඒවාට
අදාළ ලියකියවිලි
ඉදිරිපත් කිරීමට හැකියාව ලැබීම විශේෂ වැදගත්කමකි.
පහසුකම් කළමනාකරණය
1.භූගත
නළ මාර්ග හා රැහැන් පිහිටීම පිළිබඳව අධ්‍යයනය
2.විදුලි රැහැන් පද්ධති ධාරිතා සංතුලනය
3.මාර්ග ජාල විශ්ලේෂණ හා ප්‍රවාහනය පිළිබඳ අධ්‍යයනය
4.සන්නිවේදන පහසුකම් පිළිබඳ අධ්‍යයනය
5.කාර්යක්ෂම සේවා ජාල ස්ථාන පිළිබඳ අධ්‍යයනය
නාගරික අධ්‍යයන
1.නාගරික ව්‍යාප්ති
රටා අධ්‍යයනය
2.නාගරික සේවා පහසුකම් කළමනාකරණය (ජලය,විදුලිය,වීදි ලාම්පු,වරිපණම් බදු එකතු කිරීම ආදී සේවාවල මායිම්
පැහැදිලිව දැක්වීම.
3.නාගරික ඉඩම් මායිම් කළමනාකරණය
4.නාගරික කලාපකරණය පිළිබඳව අධ්‍යයනය (නාගරික හා ගැමිරික කලාප මායිම් හදුනා ගැනීම.)
5.නාගරික කසළ කළමනාකරණය
6.හරිත නගර සැළසුම්කරණය
7.නාගරික තදබදය ආදී කටයුතු අධ්‍යයනය
8.භූගත ජල නළ මාර්ග,රැහැන්
පිහිටීම,ජලනළ ව්‍යාප්තිය
හා නඩත්තුව සඳහා භාවිතා කිරීම.
9.සන්නිවේදන පහසුකම් සදහා අධ්‍යයනය
10.නාගරික අපරාධ අනතුරු බහුලව සිදුවන කලාප,මුඩුක්කු,පැල්පත් ව්‍යාප්තිය ආදිය කළමනාකරණය
වනජීවී
කළමනාකරණය
1.අලි ගමන් මාර්ග හා වාසස්ථාන අධ්‍යයනය
2.වන සත්ව වාසස්ථාන,බෝග වගා සහ
සංරක්ෂණ අධ්‍යයනය
3.ශාක සහ සත්ත්ව ගහණ ව්‍යාප්තිය අධ්‍යයනය
ස්වාභාවික
සම්පත් කළමණාකරණය
1.වනාන්තර කළමනාකරණය
2.වනජීවී වාසස්ථාන,සංක්‍රමණ
රටා අධ්‍යයනය
3.වන හා සොබාදහම සංරක්ෂණ පිළිබඳ අධ්‍යයනය
4.භූගත ජල ආකෘතිකරණය හා කළමනාකරණය( ජලයේ ගුණාත්මකභාවය පරීක්ෂාව විශේෂයෙන්ම භූගත ජලයේ ලවණතාවය පරීක්ෂා කර බලා පානීය ජලය
පිළිබඳව නිර්දේශ ලබා දීම.)
5.පාරිසරික බලපෑම් පිළිබඳ ඇගයුම
6.ජල පෝෂක ප්‍රදේශ කළමණාකරණය
7.ජල තත්ත්ව කළමනාකරණය
8.වායු දූෂණ අධ්‍යයනය
9.ජෛව විවිධත්ව කළමනාකරණය
10.වෙරළ හා සාගර සම්පත් කළමනාකරණය
පාරිසරික
අධ්‍යයන
1.වායු දුෂණය හා ජල දූෂණය අධ්‍යයනය
2.වෘක්ෂලතා ආවරණය හා එහි වෙනස්කම් අධ්‍යයනය
3.ජලධර කලාප සංරක්ෂණය
4.පාංශු ඛාදනය හා පාංශු ඛාදන ප්‍රවණතා අධ්‍යයනය
5.කාන්තාරීකරණය හා එහි කේන්ද්‍රිය හැසිරීම.
6.නායයාම් හා පාරිසරික උපද්‍රව අධ්‍යයනය (ගංවතුර)
7.වායු තත්ත්ව අධීක්ෂණය (හරිතාගාර වායු විමෝචනයේ ව්‍යාප්ති රටාව)
8.වනාන්තර මායිම් අභිබවා ගොස් මානව කටයුතු සිදුවන විට ඒවා නිරාකරණය සඳහා වර්තමානයේ සාර්ථකව මෙම සිතියම් ක්‍රමය යොදා ගනී.
9.වඳ වී යන ශාක හා සත්ව ප්‍රජාව අධ්‍යයනය (අපේ රටේ යෝධ නිදිකුම්බා වැනි ආක්‍රමණික ශාකවල
ව්‍යාප්තිය අධ්‍යයනය හා පාලනය
සෞඛ්‍ය
ක්ෂේත්‍රය
1.රෝග
(මැලේරියාව වැනි) විභව කලාප
අධ්‍යනය.
2.වෛද්‍ය සේවා ව්‍යාපෘති අධ්‍යයන ( වෛද්‍ය සායන,රෝග පාලනයට පියවර ගැනීම ආදී
කටයුතු පුළුල් කිරීමට, බෝ නොවන රෝගවල ව්‍යාප්තිය,වකුගඩු රෝගීන් පිළිබඳ අධ්‍යනය.)
3.රෝග වාර්තාකරණ සිතියම්කරණය
4.ඔසු ශාක ව්‍යාප්තිය සහ සංරක්ෂණය.
5.වෛරස් රෝග විසරණය හා හැසිරීම පිළිබඳ අධ්‍යයනය
(උපුටාගත් කරුණු සහිතයි)
දැනගමු - සුරකිමු වගුරුබිම්
වගුරුබිම්
වගුරුබිම් යනු, වසර පුරාම නොගැඹුරු මිරිදියෙන් පිරී පවතින ජලජ ශාක පමණක්
හෝ ජලජ ශාක ප්‍රමුඛව පවතින තෙත් බිම් පරිසර පද්ධතියකි. ශ්‍රී ලංකාවේ වෙරළබඩ අඩතැනි
ප්‍රදේශයේ වැඩි වශයෙන් දැකිය හැකි පරිසරයට මෙන්ම මිනිසාටද ඉතා වැදගත් පාරිසරික
සේවා රැසක් සපයන සම්පතකි. එමෙන්ම වගුරු බිම් ලොව පුරා සංරක්ෂණය කර
ඇති විශාලතම පාරිසරික වැදගත්කමක් ඇති පරිසර පද්ධතියකි. සතුන්ගේ හා ශාකවල ජීවිතය
පිළිබඳ විශාල තොරතුරු ලබාගත හැකිය. වගුරු බිම්වල ක්‍රියාකාරීත්වය සොබාදහමේ සෙසු
කොටස්වල ක්‍රියාකාරීත්වයට බෙහෙවින් වැදගත් වේ.
වගුරුබිම් ආශ්‍රිත සේවාවන්
1.කුණාටු ඇති කරන වඩදිය -බාදිය අවශෝෂණය
කරගත හැකි වීම.
2.දේශගුණික තත්වය හේතුවෙන් වඩාත් අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල ගංවතුර
වළක්වා ගත හැකි වීම.
3.අවසාදිත විශාල ප්‍රමාණයක් කොටු කර ගනිමින් ඒවා දූෂණයට එරෙහිව ස්වභාවික
පෙරණයක් ලෙස සේවය කිරීම.
4.සත්ව වාසස්ථාන සැපයීම.
5.භූගත ජල සංචිතය ස්ථාවරව පවත්වා ගැනීම.
6.වැසි ජලය අවශෝෂණය කර ගැනීම.
වගුරුබිම් ආශ්‍රිත ප්‍රතිලාභ
1.වගා කිරීමට යොදා ගැනීම.
2.පාංශු වර්ගවල ඉහළ සාරවත්බවක් ඇති අතර එය බෝගවල
(සංචාරක කුරුල්ලන්ගෙන් හා මෙරට
කුරුල්ලන්ගෙන්
සමන්විතව පැවතීම.)
4.වගුරු බිම් ආශ්‍රිත ශාක හා සත්ත්ව ප්‍රජාව ස්වභාව සෞන්දර්යය
සීතාවක උද්භිත උද්‍යානය
හැඳින්වීම
ලබුගම ජලාශයට ජලය සපයන ජල පෝෂක
කලාපයකට යාබදව පිහිටි හරිත වනයෙන් අක්කර 106ක බිම්කඩක් මෙම උද්‍යානය සඳහා වෙන් වී ඇත. පුවක්පිටිය
තුම්මෝදර ග්‍රාමයේ පිහිටුවා ඇති සීතාවක උද්භිත උද්‍යානය ඉදිකඩ මූකලාන වන රක්ෂිතය
ආසන්නයේ පිහිටා ඇති අතර මෙරට පස්වැනි උද්භිද උද්‍යානය ලෙස සම්භාවනාවට පාත්‍රව ඇත.
දෙස් විදෙස් සංචාරකයින් රාශියකගේ අවධානය යොමු වී ඇති අතර වර්තමානයේදී මේ ආශ්‍රිතව
ප්‍රතිමෝදන කටයුතු ක්‍රියාත්මක වේ. මෙම උද්‍යානය තුළ බෝට්ටු පැදීමේ අවස්ථාව,ක්‍රීඩා කිරීම මෙන්ම ඇවිදීම යනාදියට ද ඉඩ පහසුකම් සලසා
තිබේ.
අරමුණු
1.පාරිසරික සංචාරක හා ප්‍රතිමෝදන කටයුතු ආශ්‍රිත මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීම.
2.අභියෝගයට ලක්ව ඇති පහතරට තෙත් කලාපීය වනාන්තරවල වෘක්ෂලතා ආදිය අනාගත පරපුර සඳහා සංරක්ෂණය කිරීමට ශාක සුරැකුම් (විතැන්)රක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කිරීම.
3.ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට දායක වන තෙත් කලාපීය භූ දර්ශන වැඩිදියුණු කිරීමේ ආදර්ශයක් ලෙස ක්‍රියාත්මක වීම.
4.දිගුකාලීනව වැඩි ප්‍රසිද්ධියක් නැති හා ඌන උපයෝජිත ශාක වර්ග දැකබලා ගැනීමටත්,ඖෂධීය ශාක කර්මාන්තයේ වර්ධනය සඳහාත් තෙත් කලාපය තුළ උද්භිද විද්‍යාව හා මල් වගාව පිළිබඳව අධ්‍යාපනය හා පුහුණුව ලබාදීම සඳහාත් මධ්‍යස්ථානයක් ලෙස
ක්‍රියාත්මක
කිරීම.
වැදගත්කම
1.සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය මෙරට පස්වැනි උද්භිත උද්‍යානය වීම.
2.මල් වගාව, කාබනික වගාව, ඔසු වගාව හා මල් සහ පැළ අපනයනය සඳහා පහසුකම් සපයන ස්ථානයක් වීම.
3.උද්භිද විද්‍යාව හා පරිසර විද්‍යාව ආශ්‍රිත සිසුනට පර්යේෂණගාර පහසුකම් සැලසීම.
4.ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වන පාරිසරික
මධ්‍යස්ථානයක්
ලෙස පවත්වාගෙන යාම.
5.ශාක සහ සතුන් පිළිබඳ පර්යේෂණ ආයතනයක් ලෙස කටයුතු කිරීම.
විශේෂත්වය
පහත රට තෙත් කලාපයට ආවේණික දුලබ ශාක විශේෂ 100කට අධිකව ඇති මෙහි වඳ වීමේ
තර්ජනයට ලක්ව ඇති වල්ලාපට්ට, බිම්පොල් ඇතුළු තාල වර්ගයේ දෙබඩි පොල්,
මීමන වර්ග හා ඖෂධීය ශාක සමූහයකින්
යුත් ප්‍රාදේශීය ශාකාගාරයකින් යුතු වේ. විශේෂී පරිසර කලාප කිහිපයකින් මෙම උද්‍යානය
සමන්විත වේ. ඒවා අතර මීවන උයන,තර්ජිත ශාක එකතුව,මුදුන් උයන,කුඹුක් උයන සහ තාල ශාඛ එකතුව නමින්
හඳුන්වන විවිධ කලාපවලට වෙන් කර තිබේ.
උතුම් දළදා කරඩුවේ විහිදෙනා රන් තේජසින් - තුරන් වේවා හැම දුකක්මත් මගේ පින්බර මව්බිමේ...
වඩම්මාගෙන කරඩුවක් තම
කර මතින්
උදාරයි ඒ ගමන් පෙරහැර
තබන පියවර හරි හෙමින්
උතුම් දළදා කරඩුවේ
විහිදෙනා රන් තේජසින්
තුරන් වේවා හැම දුකක්මත්
මගේ පින්බර මව්බිමේ...
නැදුන්ගමුවේ හස්තියා ඔබ
වැජඹෙනා මංගල කුලේ
එදා ඉපදුන නාලාගිරි
හස්තියා ඔබදැයි සිතේ
පූජාකර දන් බුදුන් අභියස
ලැබුව දහසක් විවරණෙන්
උතුම් දළදා වඩම්මන්නේ
ඔබද නාලාගිරි නමින්???...
කතා කරන මී හදවත...
ගෙවී ගිය සිව් වසර...
ජීවිතේ බෙදාගත් අඩි හයේ කාමරේ බඩගින්න බෙදාගත් මැට්ට ළග කැන්ටිමේ ගෙවී ගිය සිව් වසර සබරෙ කදු මායිමේ ෆොටෝවල හොයනවා මතක මාවත දිගේ... වල් වැදී ...
නෙත් පැහැරන්නෝ...
-
සංසාර චාරිකාවේ ආත්මයක් ආත්මයක් පාසා අපි එකම අම්මාගේ වෙන්න ඇති ... ගිය ආත්ම භවේ සොයුරියක් වුනත් මේ ආත්ම භවේ මිතුරියක් වුනේ ප්‍රාර්ථනාවේ ...
-
රක්ත වර්ණ හිරු කිරණ මේඝ දූතයන් විනිවිද යමින් සමස්ත ධරණිතලය සිසාරා පැතිරී යන්නේ කෙතරම් චමත්කාරජනකව ද? හරිත වර්ණයෙන්...
-
මේ ජීවිතේ දුක දරාගන්න කියා දුන්නට අපි හැමදාමත් සංසාරේ ණයගැතියි බුදුහාමුදුරුවනේ...